(රොමේෂ් මධුෂංඛ)
මෙවර පැවත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් අද(07) පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඊයේ (06) ඇපමුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදීය.
ටෙලෝ සංවිධානය පක්ෂයක් ලෙසින් මෙවර ජනාධිපතිවරණයට කිසිවෙකුත් ඉදිරිපත් නොකරන බවට තීරණයක් ගත් අවස්ථාවක එම තීරණයට එපිටින් ගොස් ජනාධිපතිවරණයට ඇපමුදල් තැන්පත් කිරීම පක්ෂයේ විනය කඩකිරීමක් බවද, ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවද, එහිදී වරදකරුවෙකු වුවහොත් සිවාජිලිංගම් මහතා පක්ෂයෙන් නෙරපා දැමීමටද පියවර ගන්නා බවද සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා වැඩිදුරටත් කියාසිටියේය.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ තමන් පක්ෂයේ විනය කඩ නොකළ බවටත් තමන් පක්ෂය වෙනුවෙන් පෙනී නොසිට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවාජිලිංගම්ට එරෙහිව විනය පරීක්ෂණයක්
රවින් Monday, 07 October 2019 07:53 AM
මෙයා කටමැත දොඩවන්න පටන් ගන්නකොට තමා ඔය වැඩේ කරන්න තිබුනේ. විශේෂයෙන්ම ගොවි මහතුන් දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැළයට විත්තිය. දැන් උනත් පරක්කු වැඩි නැහැ. එතකොට පිටපස්සේ තියාගෙන ඉන්න බළල්ලු එලියට පනියි.