IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිවාජිලිංගම්ට ඇප

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා සහ සෙසු පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් ඒ.එස්.පීටර් පොල්ඩ් මහතා අද (16) නියෝග කළේය.

යාපනය උරුම්පිරායි හි හිටපු එල්.ටි.ටි.ඊ නායක තිලීපන්ගේ සැමරුම් උත්සවයක් පැවැත්වීම සඳහා ඡායාරූප සහ පෝස්ටර රැගෙන යමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ ත්‍රීරෝද රථයේ ගමන්ගත් රියදුරු ද  කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු නායක තිලීපන්ගේ 33 වැනි ගුණ සමරු  වැඩසටහන් නොපවත්වන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ තහනම්  නියෝග කඩ කරමින් කටයුතු කිරීම මත හා ජාතීන් අතර අසමගිය ඇතිවන වැකි සහිත බැනර් ප්‍රදර්ශනය හා අධිකරණ තහනම් නියෝග කඩකිරීම මත කෝපායි පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩු විභාගය එළඹෙන 25 වැනිදා නැවත කැඳවීමට නියමිත ය. කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)



අදහස් (3)

සිවාජිලිංගම්ට ඇප

Bamunuarachchi Wednesday, 16 September 2020 11:39 AM

දේශපාලකයෝ පොලිසියෙන් අල්ලන් ගිහිල්ලා ඇපදීම ඡන්ද ප්‍රතිශතය වැඩිවීමට හේතුවක්..

:       0       28

විජේ Wednesday, 16 September 2020 05:45 PM

දෙමළ අවස්ථාවාදී දේශපාලනයේ ලොකු ඉත්තෙක්..

:       0       1

BamunuarachchiSaturday, 19 September 2020 06:02 AM

මේ ගොල්ලන්ව බ්ලාස් කරන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site