(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ එම නඩුවේ චූදිතයකු වූ ප්‍රේමසිරි පරමාන යන මහත්වරුන්ට බරපතල වැඩ ඇතිව වසර 05 ක සිර දඬුවමක් ලබා දෙන්නැයි හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (02) නියෝග කළේය.
නඩුවට අදාල සෙසු සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තුවාන් රම්සාන්, මධූෂ නිලාන්, බිංදු ශ්‍රී වර්ණසිංහ යන තිදෙනා මෙලෙස නිදොස් කෙරිණි.
2014 වසරේදී හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගල් මුල්වලින් පහර දීම, සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජන කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුනට එල්ල වී තිබිණි.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ යූර් ආර්ද සිල්වා, පැමිණිල්ල රජයේ අධි නීතීඥ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දීලීප පීරීස් සහ නීතීඥ ගයාන් පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.



(ඡායාරූප - සනත් ගමගේ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරෙනවා ඇති සෙල්ලමට වුණත් තර්ජනය කරන එක සෙල්ලමක් නොවෙයි කියලා.
අයි මොවුන්ට මහත්වරු කියලා දාන්නේ...? මොවුන් තමයි රට අද මේ තත්වෙට පත් කරපු අය.. හැබැයි අනික් සේරම එළියට යද්දී පුදුමයි. මොවුන්ට විතරක් දඬුවම් දුන්නා.
ශිෂ්ඨත්වය අගය කරන මිනිසුනේ... ශ්‍රේෂ්ඨ නඩුකාරවරුන් අප අධිකරණයේ තවමත් ඉතිරිව ඇත.
මෙවන් පාදඩයන්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව ගරු අධිකරණයට අපගේ හිසනමා ආචාර්ය කරන්නෙමු. මෙවන් අවජාතක කාලකන්නින් සමාජයෙන් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළයුතුයි..
අවුරුදු 10කට හිරේ දාන්නයි තිබුනේ...
මොනවද ඉතින් හෙට වෙනකොට අසනීප වෙලා රෝහල් ගත වෙයි. අනික ඡන්දයකුත් ළඟ එනවනේ...
යහපත් ප්‍රවණතාවක්. නීතියේ ආධිපත්‍ය රජකරන බවට සහතිකයක්...
මේ වගේ දේශපාලන ගණන්කාරයින්ට ලැබිය යුතු නියම දඬුවම ලැබිල තියෙනවා. අනෙකුත් අහංකාර, මෝඩ දේශපාලුවන් දැන්වත් සිහියෙන් කටයුතු කළොත් ගොඩ...
අපි ආපු ගමන් එළියට ගන්නවා කියලා හිතන අයගේ අදහස් එනතුරු මග බලාගෙන ඉන්නේ මං...
ඡන්දෙට කලින් මෙයාටත් සමාවක් හම්බ වෙයි...
මහරජාගේ මෝඩ ගෝලයින්ට හිතුණේ නැතිව ඇති දඬුවම් ලැබේවි කියා...
ගොඩක් හොඳයි..!!!
අරයා ඉතින් සමාව දෙයි. මෝඩ ගමයනේ..!
මහින්ද රාජපක්ෂ 2015 පැරදුනේ විදේශීය බලපෑම් නිසා නොව, දේශපාලන මැරයින් නිසයි.
තමන් අතට තම අතමය සෙවනැල්ල. දැන් ඔය කට්ටිය හිරේ යාවි. මෙහෙයවපු කට්ටිය එළියේ ඉඳීවි. දේශපාලනයට කඩේ යන අපේ එවුන්ට හොඳ පාඩමක්...
අවුරුදු 5කට හිරේ ගිහිනුත් මෙයාගේ හිනාවෙන් පෙන්නන්නේ රටේ නීතිය බාල්දු වෙච්ච තරම තමයි. මෙයා දන්නවා අායෙත් එළියට එන්න පුළුවන් කියලා.
සරම තව ටිකක් ඉස්සුවා නම් තමයි වැඩේ...
ගෝඨාභයගේ ඊළඟ ආණ්ඩුව යටතේ මහ බැංකුව හොරා කාපු හොර හැත්තත් ජීවිත කාලයටම බරපතල වැඩඇතුව හිරේ යවත්වා කියලත් ප්‍රාර්ථනා කරමු.
ආචාර කරගෙන හිරේට යන්නේ හරියට මහා ලොකු වීරකමක් කරලා වගේනේ...? ඒ අස්සේ අනික් අයත් හුරේ දානවා. පිස්සු මිනිස්සු...
දේශපාලුවන්ට අත් පිටිපස්සට කරල මාංචු දාන්න බැරිද? මේක දැන් මහ විකාරයක් වෙලා.
මෙවුන්ව පෝෂණය කලවුන්වද අායිමත් පත්කරමු කියන්නේ...
මාස කීයකටද දන්නැහැ..? මහින්දගේ බලය ආපුවම ආරක්ෂක ඇමති කරයි. සේරම එකයි..
ජාතික වීරවරයෙකි. මම ඔබට ඊළඟ වෙසක් දිනයේදී සමාව දෙනවා. මීට ලොකු සිරා...
සෙල්ලම් පිස්තෝලයකට වසර 5ක් නම් ඇත්ත පිස්තෝලයකට වසර 50,000ක් වත් දෙවි නේද? අබරන් ගොයියෝ...?