(ඩයනා උදයංගනී)
තම ප‍්‍රතිපත්ති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප‍්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවට ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.
කවුරුන් විසින් හෝ ව්‍යාජ ජනප‍්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිදු කර ඇති මෙම ක‍්‍රියාව මඟින් තමන් සහ තම පක්ෂය අපහාසයට ලක් කර ඇති බව උන්වහන්සේ සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂීකා සුරංගි ආරියවංශ මහත්මිය පැවසුවාය.
මෙම ව්‍යාජ ප‍්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප‍්‍රතිපත්ති සමාජගත කිරීම බරපතල ගැටළුවක් වී ඇති බවද උන්වහන්සේ පවසා තිබේ.
මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති අපහාසයට ලක් කිරීම , විකෘති කිරීම ආදිය දැඩිව හෙළා දකින බව ද සුරංගි ආරියවංශ මහත්මිය කීවාය.
මැතිවරණය ප‍්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ වනවිට කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 161ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය රාජ්‍ය දේපළ අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් එම සංවිධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරත් ශාසනයත් බලාගෙන නිවනට වැදගත් වන දෙයක් කරගෙන හිටියනම් ඔහොම අපහාස විදින්න වෙන්නේ නැහැනේ අපේ හාමුදුරුවනේ. කොහොමත් දැන් හාමුදුරුවරු මේ ජරා දේශපාලනයට ඇවිල්ල අරාජික වෙලා තියෙන්නේ.
අවසරයි අපේ හාමුදුරුවනේ. ඕක පැමිණිලි කරන්න ඕනෑ මැතිවරණ කොමිසමට. එයාලා පියවරක් ගනිවී..
දිනන්නත් බැරිව නිකං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රට්ටුන්ගේ මුදල් කාබාසිනියා නොකර හිටියා නම් ඉවරයිනේ.
හොඳ තාර බැරල් එකකින් තමයි මේවට උත්තර දෙන්න ඕනෑ.
දේශපාලුවෙක් වෙන්නම ඕනේ නම් ඔය සිවුර පැත්තකින් තියලා ඇවිත් ඔයාගේ කට්ටියත් එක්ක ඕනේ නැටුමක් නටන්න... බුදුදහමට නිග්‍රහ නොකර...
මාත් ඔය ෆේස්බුක් ගිණුම බලනවා. එ්ක හරිම ශෝක්... හරිම හිනා. විහිලුවට වගේ දාලා තියෙන සමහර යෝජනා ඇත්තටම හොඳයි. මම හිතන්නේ මේකෙන් සීලරතන හාමුදුරුවන්ට හොඳ ප්‍රචාරණයක් නොමිලේ ලැබෙනවා. පැමිණිලි කරලා ඒකටත් කෙලවා ගන්නයි හදන්නේ...
අනේ හාමුදුරුවනේ... සිංහලයා භේදබින්න නොකර යන පාංශුකූලෙකට ගිහිල්ලා දෙන දානයක් වළඳලා පව්නොදී ඉන්න... හාමුදුරුවෝ හිතනවා නම් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා බෞද්ධයන් මොවුන්ගෙන් බණක් වත් නොඇසිය යුතුයි.
මමත් දැක්කා ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය... මරේ මාරු කියන ඒවා දුන්නත් පැය 24න් ලංකාවම ඉවරයි.
එක අතකින් ඇමරිකානු පුරවැසියෙක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රෙගුලාසි වලට පයින් ගසමින් මැතිවරණයට ඉල්ලනවානම් ලාංකික භික්ෂුවක් මැතිවරණයකට තරග කිරීමට විරුද්ධව වචනයක් කියන්නේ කොහොමද කියා සියලු දෙනාගෙන්ම අසමි
හාමුදුරුවනේ අපේක්ෂකත්වයට ඇප බැන්දේ පිං කැටයට වැටෙන සල්ලි වලින් හරි, පන්සලේ දියුණුවට යමක් කිරීමට පන්සලට පූජාකළ සල්ලි වලින් නේද?