
( තිළිණි ද සිල්වා )
ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික ලාංකීය කුළු බඩු අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් එක් කරමින් නිෂ්පාදනය කළ “සූ චායි” (Soo Chai) නමින් නව සිලෝන් මසාලා තේ සන්නාමයක් ඕමානයේ දී හඳුන්වා දුන් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මස්කට්හි පිහිටි ඕමාන් ජාතික බැංකු ශ්‍රවණාගාරයේදී ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් මෙම නව සිලෝන් මසාලා තේ සන්නාමය වන “සූ චායි” (Soo Chai) ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී.
“සූ චායි” ලෙස නම් කර ඇති මෙම සිලෝන් මසාලා තේ නිෂ්පාදනය, ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් අන්තර්ගත , උසස් තත්ත්වයේ සිලෝන් තේ මිශ්‍රණයක් වන අතර එය ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි නිෂ්පාදනයකි.
එමෙන්ම සූ චායි යනු, මසාලා තේ නිෂ්පාදන වෙළඳපොලේ එවැනි ආකාරයෙන් පළමු වරට බිහි වූ නිෂ්පාදනයක් වන අතර, එනසාල්, කුරුඳු, කරාබු නැටි, තරු අසමෝදගම්, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ සහ සූදුරු වැනි කුළුබඩු අඩංගු වූ මෙම නිෂ්පාදනය මසාලා තේ කර්මාන්තයේ අද්විතීය පෙරළියක් ඇති කරනු ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ශාන් අබේවර්ධන මහතා විසින් මෙම නිෂ්පාදනයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ අවධාරණය කරමින් “සූ චායි” නව සන්නාමය හඳුන්වා දෙන ලදී. ඕමාන් ජාතික බැංකු සාමාන්‍යාධිකාරී තාරික් අතීක් මහතා සහ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ජී. වී. රාමක්‍රිෂ්ණා මහතා ඇතුළු බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. සූ සමූහයේ සම සහකරු ෂෙස්නා සුමනධීර මහත්මිය විසින් සහභාගී වූවන් හට සූ චායි මසාලා තේ පිළිගන්වන ලදී.
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඕමාන් වෙළඳපළ තුළ මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඕමාන් ජාතික බැංකු ව්‍යවසායකයින්, ඕමානයේ ප්‍රමුඛ පෙළේ අති සුපිරි වෙළඳසැල් ජාලයන් සහ හෝටල් කළමනාකාරීත්වය අතර රැස්වීම් මාලාවක් සංවිධානය කළ අතර බොහෝ දෙනෙක් මෙම නිෂ්පාදිතය කෙරෙහි විශාල උනන්දුවක් දැක්වූ බවද ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිලෝන් මසාලා තේ ඕමාන් වෙළදපොළට
Nuwan Monday, 15 November 2021 07:55 PM
හොඳම දේ පිට අයට කවලා රටේ අයට වහ කවන ජාතියක් මේක...!