(රංජන් කස්තුරි)
2019 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සමත් වූ සිසුන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් බාරගැනීම සති දෙකකින් කල්දමන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
එම අයැදුම්පත් බාරගැනීම මේ මස 26 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද රටේ පවතින වාතාවරණය අනුව එය කල්දැමුණු බවද අමරතුංග මහතා කීය.
සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කළ ප්‍රවේශ අත්පොතේ උපදෙස් පරිදි අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවිය හැකි බවද සභාපතිවරයා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.