(රෝහණ සමරවීර)
අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය මැඩපවත්වන්න තුන් මසක් තුළ ගත් ක‍්‍රියා මාර්ග අති විශිෂ්ඨයි. එවැනි අවස්ථාවක රටේ සුරාසල් විවෘත කිරීමට රජය ගත් ක‍්‍රියා මාර්ග ඉතා අනුවන ක‍්‍රියාවක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී සෝභිත හිමියෝ මෙසේද කීහ.
'මේ රටේ සුරාසැල් බලපත‍්‍ර හිමි වැඩි දෙනා දේශපාලඥයන්. හිටපු ඇමැතිවරු. හිටපු මන්ත‍්‍රිවරු මෙන්ම ඔවුන්ගේ බිරින්දැවරු ඥාතිවරුයි. එහෙම නම් කාගේ උවමනාවටද මේ සුරාසැල් විවෘත කරන්නේ.
මහජන සංවිධාන වලින් ඉල්ලීමක් කළාද. මහජන සංවිදාන විරෝධතා දැක්වූවාද සුරාසැල් විවෘත කරන්න කියලා. නැහැ ජනතාව ඉල්ලන්නේ හාල්ටික පොල් ටික ඇතුළු ආහාර ටිකයි බෙහෙත් ටිකයි. ප‍්‍රවාහන වගේ මූලික අවශ්‍යතා පමණයි. සුරාසැල් ජනතාව ඉල්ලූවේ නැහැ. ජනාධිපති තුමන් සෞඛ්‍ය අංශයේ මෙන්ම තිවිධ හමුදා නිලධාරීන් පොලිසිය ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය කිරීමට එය පාලනයට ගත් ක‍්‍රියා මාර්ග ඉතා අගය කළ යුතුයි.
රජයේ සියළු නිලධාරීන් මහත් කැපැවීමක් ඒ සදහා ඉටු කළා. එය අතිශය සාර්ථකයි.
නමුත් එම සාර්ථකත්වය නැමැති කිරි කලය විෂ බදුනක් බවට පත් කරන අසුභ දර්ශන අපි දුටුවා සුරා සැල් විවෘත කිරීම තුළින්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සෞඛ්‍ය නීති දැඩි ලෙස ආරක්‍ෂා කරන ලෙස ප‍්‍රකාශ පවා නිකුත් කර තිබෙන මොහොතක බීමත් වූවාට පසුව එම නීති ආරක්‍ෂා කළ හැකිදැයි අපි බලධාරින්ගෙන් ප‍්‍රශ්න කර සිටිනවා.
රටේ මත්පැන් පාවිචිචි කළ අයට මුඛ ආවරණ දමාගෙන මීටරයේ පරතරය තබාගෙන කොරෝනා ආසාදිතයෙකු නොවී තවත් අයෙකුට එම විෂබීජය පැතිරවීමට නොදී සිහි බුද්ධියෙන් සිටිය හැකිද ? අපට තිබෙන ප‍්‍රශ්නය එයයි.
විදෙස් රටවල මේ වනවිට දෙවැනි කොරෝනා රැල්ලත් පටන් අරගෙන තිබෙනවා. එවනි අවස්ථාවක අපේ රටේ කොරෝනා දෙවැනි රැල්ල අනිවාර්යයෙන් පටන් ගන්නවා රජයේ මේ අනුවන ක‍්‍රියාව හේතුවෙන්. මේ අවස්ථාවේ අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. රජය කියන්නේ ජනතාවට ආදරය කරන ආයතනයක් කියන එකයි පිළිගැනීම වන්නේ. එයයි බෞද්ධ සිද්ධාන්තය. රජය රටේ ජනතාව සැලකිය හැක්කේ තමන්ගේ දරුවෝ ලෙසයි. ජනතාවට රජය මාපියන් වගෙයි.'


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාසැල් අයිති කාරයො කවුද...? ජානේසන්, ඇලෝසියස්, අරුන්දික ධම්මික පෙරෙරා ප‍්‍රමුඛ අය තමයි ආණ්ඩු හදන්නෙ... ඉතින් ඔය මල්වට්ටිය අරන් ගියාට ටීවි එකේ මෙවා තමයි ඔය දේශප්‍රෙමීන්ගේ කෙරුවාව...
වටෙ ඉන්න සාම්ප‍්‍රදායික දේශපාලකයින්ගේ අතපෙවීමක් බව හැගී යයි. ගෝඨාභයට ත‍්‍රිවිධ හමුදාව ඇතුලු අනෙක් සේවාවල නිලධාරීන්ට රට පාලනය අවුරුදු කීපයකට දුන්නා නම් ඔය පාලුවන්ට අයිති තැන අනිවාර්යයෙන් නවතිනවා. ඒ වැඩ පිළීවෙළ ඉහද පණුවො වගේ උඩ සිට පහළට සිටියත් පක්ෂ විපක්ෂ දේශපාලුවන් ඉඩ නොදෙන බව නම් සැබෑයි.
ආණ්ඩුව බාර් කාරයින්ට බයද? බාර් කාරයින්ගෙ ඉල්ලීම් ඉටුකරන්න ගිහින් කොරෝනා නැවතත් බෝවෙන්න ඉඩ හැරීමෙන් ආයිමත් ජනතාව ගෙවල්වලට කොටු කරන්නද හදන්නේ...?
බොන්නෙ නැත්තම් කටවහගෙන ඉන්න, හැම මගුලකටම කට නොදා...
බොන්න එපා කියලා කෑ ගහන හුගක් අමධ්‍යප වීරයෝ මෙ රටෙ ඩෝපර්ලා හරක් මස් කන්න එපා කියලා කෑ ගහන, සිංදුත් ලියන පොරවල් හොද ගව මාංශ භක්ෂකයෝ...
හරියටම හරි අපේ හාමුදුරුවනේ... !!!
හරක් පාලනයට ගල්, පොල් හොද ඔසුවකි...
බාර් අනික් කඩවල් වගේ මුල ඉඳල සාමාන්‍ය කරා නම් මේ මොනවත් පෝලිම් නැහැ. අතේ තියනකන් බීල නිකන් ඉඳීීිිිවි. බොන්න නරක නම් බාර් මොකටද? ෆාමසි වගේ ඩෝස් එකට බොන්න කියල නැහැනෙ...
බාර්වලින් සියයට 90ක් පක්ෂ විපක්ෂ මැති ඇමැතිලගේ... ඉතින් කොහොමද වහලා තියන්නේ...?
අර අමාරුවෙන් ගත්ත 5000 ආපහු ගත්තා කියලා මට හිතෙන්නේ.අපේ පිරිමින්ගේ කෙරුවාව තමා මේ පේන්නේ.
බාර් වැසුවොත් රජයට පාඩුයි