IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සිරිල් ගාමිණි පියතුමාගේ පෙත්සම සළකා බැලීම අද

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින්, තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු  පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  අද (8)  දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය.

අධිකරණයට ගොස් සිටින ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට සහාය දැක්වීමක් ලෙස කතෝලික   පියතුමන්ලා, කන්‍ය සහෝදරියන් ඇතුළු  පොදු ජනතාව කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට එක්‍ රැස්වී නිහඩ විරෝධතාවයක මේ වන විට නිරතව සිටිති.

සටන් පුවරු කිසිවක් නොමැතිව මෙම පියතුමන්ලා අලුත්කඩේ පිහිටි හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස පිලිරුව අසල සිට උපරිමාධිකරණය. සංකිර්ණය දක්වා එක  පෙළට රැදී සිටිම විශේෂත්වයකි .

ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛව ගරු සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටින සත්‍ය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් මෙම පියතුමන්ලා මෙලෙස අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිටට එක් රැස්ව සිටිති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (5)

සිරිල් ගාමිණි පියතුමාගේ පෙත්සම සළකා බැලීම අද

sharm warn Monday, 08 November 2021 12:48 PM

පියතුමනි අපි ඔබතුමාව තනි කරන්නේ නැහැ.

:       2       11

BamunuarachchiTuesday, 09 November 2021 08:48 AM

එතුමා ඒ කතා නොකියා හිටියානම් හොඳයි නේද?

:       0       0

විපරමා Monday, 08 November 2021 06:38 PM

එතුමා අත් අඩංගුවට ගන්න හදන්නේ මිනීමරලද? එහෙම නැත්නම් රට විකුණගෙන කාලාද? පියතුමනි, අපි සැමදා ඔබ සමගයි. යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරපු දූෂිත දේශපාලකයෝ රජකරන රටක් ගැන කවර කතාද?

:       0       1

BamunuarachchiWednesday, 10 November 2021 04:58 PM

කව්ද හලෝ අත්අඩංගුවට ගන්නවා කිව්වේ? පාදිලි උන්නැහේගේ කතාව වගේම මේකත් එයා හිතින් මවා ගත්ත දෙයක්. එයා කිසියම් ප්‍රකාශයක් කළානම් එහි ඇත්ත නැත්ත සොයලා කටයුතු කරන්න එයාගේ කියමන තහවුරු කරන්න ප්‍රකාශයක් දෙන්නයි කියන්නේ... ඇයි මෙයා බයවෙලා. ක්‍රිස්තියානි කාරයින් කියන්නේ පාදිලිකෙනෙක් කියන ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළිගන්න කොටසක්. ක්‍රිස්තියානි කාරයින් මෙයාගේ ප්‍රකාශය බාරගත්තු නිසා මෙයා නම් කළ නිලධාරියාට වූ අවමානය ගැන ඔහෙට හිතෙන්නේ නැද්ද? ඒ පැත්තෙනුත් හිතන්නකෝ...

:       0       1

Bamunuarachchi Wednesday, 10 November 2021 05:04 PM

රජය ප්‍රකාශයක් කරන්න අදාළ පාදිලි උන්නැහේ තම ප්‍රකාශය තහවුරු කරන්න එන්නේ නැති නිසා මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් හැටියට සලකනවා... අර නිලධාරියාට සිදු වුණු හිතේමාරුවට කණගාටුව ප්‍රකාශ කරනවා කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site