IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරිධම්ම විදුහලේ විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්‍ෂ 3 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව පවරා තිබු නඩුවේ චෝදනා ඔප්පු කර නොමැති බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

සිරිධම්ම ජාතික පාසලට පළමු වසරේ සිසුන් 40 ක් සඳහා නව පන්ති කාමර සහිත ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා පාසල් සංවර්ධන සමිතිය සඳහා ලබාගත් මුදල් පාසලේ විදුහල්පතිවරයා ගත් අල්ලසක් නොවන බව තීරණය කළ විනිසුරුවරයා ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

රුපියල් ලක්‍ෂ 72 ක් වැය කර පාසලට නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා අඩුපාඩුව තිබු රුපියල් ලක්‍ෂ 3 ක් සොයාගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් ලබාගත් මුදල් සඳහා රිසිට්පතක් නිකුත් කිරීමට ද මත්තෙන් අත්අඩංගුවට පත්වූ බව සඳහන් ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ගාල්ලේ අම්පේගම පදිංචි නිහාල් ගුරුසිංහ මහතා මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලදී.

2014 අගොස්තු මස 10 වැනිදාත් සැප්තැම්බර් මස 15 වැනිදාත් අතර කාලය තුළ ගාල්ලේ දී ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් එම විදුහලේ පළමු වසර සඳහා දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා වළවේ පල්ලියගුරුගේ සනත් ධර්මප‍්‍රිය නමැත්තාගෙන් රුපියල් ලක්‍ෂ 5 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 3 ක් ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා 4ක් යටතේ නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී මෙම නඩුවේ පැමිණිලිකාර සනත් ධර්මප‍්‍රිය නමැත්තාගේ පොඩිපුතා පාසල් සංවර්ධන කටයුතු සඳහා මුදලක් ලබාගෙන සහෝදර පදනම යටතේ සිරිධම්ම ජාතික පාසලට ඇතුලත් කරගැනීමට විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමෙන් පසු පැමිණිලිකරුම ඒ පිළිබඳව එවකට හිටපු අධ්‍යාපන ඇමැතිවරයා දැනුවත් කිරීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත මේ පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයි හෙළිවිය.

පාසලේ ලමුන්ගේ දැඩි තදබයක් තිබූ නිසා අලුතින් පළමු වසරේ පන්තියක් වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර දී තිබුණේ ගොඩනැඟිල්ල පාසලෙන් ඉදිකරවා ගැනීමේ පොරොන්දුව යටතේ බවත් ඒ අනුව තට්ටු 4 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්‍ෂ 70ක් ඇස්තමේන්තු කර තිබූ බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප‍්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප‍්‍රශ්න හමුවේ හෙළි වූ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතාගේ විමධ්‍යගත අරමුදල්ද ඇතුලූව රුපියල් ලක්‍ෂ 68 ක් පාසල් සංවර්ධන සමිතිය නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමේ තැන්පත් කර තිබූ ආකාරයත් නඩු විභාගයේදී අනාවරණය විය.

ලබාගත් රුපියල් ලක්‍ෂ 3 ක මුදල සඳහා රිසිට්පතක් නිකුත් කිරීමටත් මත්තෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් විත්තිකාර ගාල්ල සිරිධම්ම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා විසින් නීතීඥ ප‍්‍රදීප් ජයකොඩි මහතාගේ මෙහෙයවීම යටතේ දුන් සාක්කිය පිළිගැනීමටත් තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තීරණය කරමින් සියලුම  චෝදනා  වලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ ප‍්‍රදීප් ජයකොඩි මහතා පෙනී සිටියේය.



අදහස් (2)

සිරිධම්ම විදුහලේ විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Lalith Monday, 03 February 2020 11:05 AM

මෙතුමා අත්අඩංගුවට ගන්නකොට දීපු මීඩියා කවර් එක මේකටත් දුන්නා නම් හරි වටිනවා. මෙතුමාට ළමයි ඉන්නවා නම් ඒ ළමයි කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද?

:       0       360

karuTuesday, 04 February 2020 02:15 AM

බොහෝ විට සිද්ධ වෙන්නේ ඇතැම් මාධ්‍ය මගින් සැකකරුවන් වරදකරුවන් ලෙස සමාජයට හුවා දැක්වීමක් පමණයි. උසාවියෙන් තීන්දුවක් දෙන්න කළින් ඒ පුද්ගලයා වරදකරුවෙන් ලෙස හන්වඩු ගසා සමාජයට පෙන්වා දෙන්නේ හරියටම ඒ ගොල්ලන් නඩුව ඇසුවා වගේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13329 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 63 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site