(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සේරුදණ්ඩාපොළින් සොයා ගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘හිරි ළඹ ගුහා’ නම් ගුහා විශේෂයට අයත් බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා අද(10) පැවසීය.
ඉකුත් දා මාධ්‍ය මගින් හෙළිකරනු ලැබූ නාඋල සේරුදණ්ඩාපොල පැරණි ගල්ගුහාව සම්බන්ධයෙන් නාඋල පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඊයේ(09) කළ ගවේෂණයකින් අනතුරුව හෙතෙම මෙම අදහස් පළකළේය.
මෙය හුණු ගල් වලින් ස්වභාවිකව නිර්මාණය වූ ගුහාවක් බව කී කරුණාරත්න මහතා වසර මිලියන ගණනක් තිස්සේ සිදු වූ භෞතික හා රසායන වෙනස්කම් හේතුවෙන් ගුහා අභ්‍යන්තරයේ භූගෝල විද්‍යාත්මක හායනයක් සිදුව ඇති බව ද කියා සිටියේය.
වර්තමානය වන විට වවුලන් වාසය කරන මෙම ගල්ගුහාවට අතීතයේ දී මිනිසුන් ඇතුළු වී ඇති බවට සාධක පවතින බව ද හෙතෙම කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න මහතා මෙසේ සඳහන් කළේය.
“ ලංකාවේ ලෙන් අතර බටදොඹ ලෙන, පාහියංගල ලෙන වැනි ලෙන් විවෘත ස්ථාන ලෙස පැවතුණා. නමුත් මේ ගුහාව ආවරණය වූවක්. ආවරණය වෙච්ච ගුහාවල ප්‍රාග්මානවයන් ජීවත් වී නැහැ. පසුකාලීනව සතුරු ආක්‍රමණවලදී හෝ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් මෙවැනි ස්ථානයකට පැමිණෙන්න පුලුවන්. ප්‍රවාදවලට අනුව සහ ගුහාවේ අඳුරු ස්වභාවය අනුව එසේ සිතුණත් ඒ බව ඔප්පු කරන්න තරම් මුලාශ්‍ර අප සතුව නැහැ. ගුහාව තුළින් හමුවූ වළං කටු ඉතා මෑත භාගයේ ඒවා කියලායි අපි නිගමය කරන්නේ. පුරාවිද්‍යාත්මක වශයෙන් ප්‍රබල වටිනාකමක් මේ ගුහාව තුළින් අපට දකින්න ලැබුනේ නැහැ. මෙය මීටර් 150 පමණ දුරකට ගමන් කරන්න පුලුවන් ගුහාවක්. පොළව අභ්‍යන්තරයටයි එය විහිදෙන්නේ. උස මීටර් 35 - 40 පමණ වෙනවා. රසායන හෝ භෞතික ජීරණය නිසා ගුහා අභ්‍යන්තරයේ කාමර වගේ ස්වරූපයක් දක්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවල හුණුගල් ගුහාවල වතුර දක්නට ලැබෙනවා. නමුත් මේ ගුහාවේ වතුර දක්නට ලැබුණේ නැහැ.”
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ සංවර්ධන නිලධාරී සමීර ප්‍රසංග මහතා මෙසේ කීවේය.
“මෙවැනි හිරි ලඹ ගුහා මහනුවර, මාතලේ හා බදුල්ල කියන දිස්ත්‍රික්කවලින් හමුවෙනවා. ඇතැම් පිරිස් මෙවැනි ස්ථාන රාවණා සැඟවී සිටි ස්ථාන බවට මත පතුරවනවා. දැනට කළ පර්යේෂණ අනුව ඊට සාක්ෂි හමුවී නැහැ. භූගර්භ විද්‍යාව අනුව මෙය ඉතා වැදගත් ස්ථානයක්. මෙවැනි හුණු ගුහා නිර්මාණය වීම, එහි කාලනිර්ණයන්, ස්පටික හැඩය ආදී කරුණු පර්යේෂණ කරන විද්‍යාඥයෙකුට ඉතා වැදගත්.”
පෞරාණික ස්ථාන හා පරිසරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ප්‍රදේශවාසියෙකු වන වයි. එම්. එස්. බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
“ මේ ගුහා සමීපයේ සිට කිලෝමීටරයක් දුරිනුයි ලෙනදොර පෞරාණික ගුහාව හමුවන්නේ. මෙහි සිට කිලෝමීටර් 3 ක් පමණ දුරිනුයි අරංගල පර්වතය පිහිටා තියෙන්නේ. ජනප්‍රවාදවලට අනුව කන්ද උඩරට සොළීන් ආක්‍රමණය කරද්දී සොළී හේවායන් එන මග බැලීමට යොදාගත් ස්ථානයක් විදිහටයි අරංගල හඳුන්වන්නේ. පසුකාලීනව කන්ද උඩරට කැරැල්ල (1881) වෙලාවේ මාතලේ මැක්ඩොනල්ඞ් කොටුවට පහරදීම සඳහා සේනා සංවිධාන කරලා ගොංගාලේ ගොඩබණ්ඩලා, පුරං අප්පු වගේ අපේ වීරයෝ සැඟවී උපක්‍රමශීලීව පහර දෙන්න යොදාගත් ස්ථානයක් ලෙසයි මම මේ ගුහා පරිශ්‍රය දකින්නේ. රජරටත් කඳුරටත් යාකරන මාර්ගය මේ හරහා වැටී තිබීම නිසා ඕනෑම සතුරු හමුදාවකට පහර දෙන්න මේ වගේ ගල් ගුහා ප්‍රයෝජනවත් වුණා වෙන්න පුලුවන්. නැගෙනහිරින් කුමාරගල කන්දත්, බටහිරින් නිකුළ කඳුවැටියත් අතරමැද තියෙන මේ ගුහාව හොඳම ආරක්ෂිත ස්ථානයක් විදිහට එදා ප්‍රයෝජනවත් වෙන්න ඇති. ”
මෙම ඉපැරණි ගල්ගුහාව ගවේෂණය සඳහා නාඋල පොලිසියේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ.
(පුරාවිද්‍යාඥ මහින්ද කරුණාතිලක මහතා)
( පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී සමීර ප්‍රසංග මහතා)
(වයි. එම්. එස් .බණ්ඩාර මහතා)
(ගල්ගුහාවේ ගවේෂණයේ නිරත වන පිරිස)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සේරුදණ්ඩාපොළත් 'හිරි ළඹ' ගුහාවක්