මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියම කළේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කළ සමයේ දී වාහන මිලට ගැනීමක් සම්බන්ධයෙන් සිදු කළැයි කියන මුදල් අවභාවිතාවකට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
මීට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ද ගෙවන ලෙස ගුණවර්ධන මහතාට නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේනම් හොදයි. හැබැයි අර මහ බැංකුව මංකොල්ල කාපු අයටත් දඩුවම් දෙන්න ඕනා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න හොරුන්ටත් දඩුවම් දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේකත් දේශපාලන පළිගැනීමක් වෙනවා.
අනේ දෙවියනේ අපි ගැනම අපට දුකයි. දැන් ඉතින් හාල් එළවලු මිල ආයෙත් අමතක වෙනවනේ මේ චුන් එක හින්දා. චම්පික, රාජිත, රන්ජන් ආදී ආණ්ඩුවේ ගැලවුම්කරුවන් ෂෝ එක ඉවරකරලා යන්නත් කලින් මෙයා ආවනේ. දැන් ඉතින් තව සුමානෙකට කන්න දේවල් තියෙනවා. අනේ අපට අමතක වෙන්න දෙන්න එපා.
අ-සරණ සරණට සරණ වන්න.
ඔන්න ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවද නැද්ද කියල බලන්න හොඳම වෙලාව......
ලෙඩ දුක නැතුව නිරෝගී වේවා !
බුලත්විට කාරයන්ට හරි සන්තෝෂයි.
නුබ නාඩන් නුබ නාඩන්...............අපිට මේවා හොද පාඩම්................ ( නරි වාඩම්) දැන් සිනමාහල් වල තිරගතවේ. ඉක්මනට බලන්න තව ඒවා මග එනවා.
මේවා තමයි නියම විහිලු...................
මාසයක් තියලා එළියට ගන්නවා. බත් කන හරක්ට ඔවා තේරෙන්නේ නෑ.
ගොඩක් හොඳයි. ඒත් සරණ කියන්නේ හාල් මැස්සෙක් විතරයි. මහා ප්‍රමාණයේ තෝරුන් හා මෝරුන් වීරයන් ලෙස වෙනත් වේශයකින් ජනතාව අතරම ජනප්‍රසාදය ගනිමින්ම ජීවත් වෙනවා.
බැංකු හොරු දැන් වෙව්ලනවා ඇති...................