(දයාරත්න ඇඹෝගම)
සිය මිතුරන් පිරිසක් සමග ගුරුගම ප්‍රදේශයේ වෙල් යායක සරුංගල් යවමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු වගා ලිදකට වැටිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගුරැගම,තඹුත්තේගම යන ලිපිනයේ පදිංචිව සිටි සමිර ප්‍රසාද් රත්නායක(09) නැමති පිරිමි දරුවෙකි.
මිය ගිය දරුවා තම අසල්වාසි සම වයස් දරැවන් පිරිසක් සමග නිවස ආසන්නයේ පිහිටි වෙල් යායේ සරැංගල් යවමින් සිටියදි වෙල් යායේ කපා තිබු අඩි විසිපහක් පමන ගැඹුරැ වගා ලිදිකට ඇදවැටි ඇති බව පොලිසිය කියයි.
දරැවා එම වගා ලිදෙන් ගොඩ ගෙන තඹුත්තේගම රෝහට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.