IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සොරාගත් ත්‍රිරෝද පහක් සමග දෙකක් දැලේ

(තුසිත කුමාර ද සිල්වා)

සොරකම් කර රැගෙන එන ත්‍රිරෝද රථ බේරුවලදී විවිධ වෙනස්කම්වලට ලක්කර එන්ජින්, චැසි අංක,සහ ලියාපදිංචි අංක වෙනස් කර අලෙවි කිරිමේ ජාවාරම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු  විකිණීමට තිබූ ත්‍රීරෝද රථ 5ක් සහ නීති විරෝධී කඩුවක් සමග අද අත්අඩංගුවට ගත් බව  කියයි .

මෙම ජාවාරමේ මහ මොළකරු වන ප්‍රධාන සැකකරු ගරාජ් බාස් කෙනකු වන අතර කොළඹ ප්‍රදේශයෙන් සොරකම් කරගන්නා බේරුවලට ප්‍රදේශයට රැගෙන විත් අඩු මුදලට විකුණා තිබෙන අතර පොලිස් අත්අඩංගුවේ පසුවන මෙම ජාවාරම්කරුවන් එම ත්‍රීරෝද රථ අලුත් වැඩියා කිරීමේ මුවාවෙන් විවිධ ගරාජ්වල මෙන්ම විවිධ ස්ථානවල සඟවා ඒවායේ මුල් චැසි අංක , එන්ජින් අංක සහ ලියාපදිංචි අංක වෙනස්කර වරින්වර ත්‍රීරෝද රථ විකිණීමට සැලසුම් කර ඇත.

බ්‍රෝකර්වරයකු ලෙස උපාය දූතයකු යොදවා ත්‍රිරොද රථයක් මිලට ගන්නා මුවාවෙන් ලබාගත් තොරතුරුමත ප්‍රථමයෙන් මහ මොළකරු සහ සහයක සැකකරු ත්‍රී රෝද රථයක්  අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි .

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබා දුන් පදිංචි ලිපිනය ව්‍යාජ එකක් බව හඳුනාගත් පොලීසිය ඔහුගේ නිවස පරීක්ෂාවට ගිය අතර එහිදී මෙම පුද්ගලයාගේ නිදන ඇඳහි මෙට්ටය යට තිබී එකල මහත් ආන්දෝලනයට ලක්වූ ,,සහරාන්,, නැමැත්තා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා වූ යුගයේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ,, කඩු වලට සමාන අඩි දෙකක් පමණ දිග ඇති කඩුවක් ,, ප්‍රධාන ජාවාරම්කරු ගෙ නිවසේ තිබී පොලිස් භාරයට ගත් බව කියයි .

මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස සොරකම් කරන ත්‍රිරොද රථ අඩු මුදලට ලබා ගෙන  ත්‍රීරෝද රථවලට විවිධ රක්ෂණ සමාගම්වලින් අබලිව භාවිතයෙන් ඉවත්කරන එන්ජින් හා චැසි අංක කොටා ඊට අදාළ ලියාපදිංචි පොත් පත් ව්‍යාජ ලෙස සකසා විකිණීම කටයුතු කර තිබෙන බවත් විමර්ශන සිදුකරන පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම ජාවාරම්කරුවන් මෙම ත්‍රීරෝද රථ මුදල් හදිස්සියකට යැයි කියා රුපියල් ලක්ෂ දෙකහමාරක් තුන යන ගණන්වලට විකිණීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි .

 



අදහස් (1)

සොරාගත් ත්‍රිරෝද පහක් සමග දෙකක් දැලේ

fairoos Thursday, 23 September 2021 05:58 PM

කොහොමද අපේ ඥාණසාර හාමුදුරුවන්ගේ හෙළිදරව්ව

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site