( තිළිණි ද සිල්වා)
අත්අඩංගුවේ හෝ සිරභාරයේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, සිරකරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක අයුතු සැළකීම්, එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩිලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පැවසුවාය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, අනුරාධපුර බන්ධනාගාරයට කඩාවැදී ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු දණ ගස්වා, පිස්තෝලයක් හිසට එල්ල කර මරණ තර්ජනය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් හා එම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් ට්විටර් පණිවුඩයක් නීකුත් කරමින් ඇය මේ බව කියා සිටින්නීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක වැඩිදුරටත් සදහන් කර සිටින්නේ මැන්ඩෙලා නීතිය අනුව සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවය.එබැවින් අත්අඩංගුවේ හෝ සිරභාරයේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, සිරකරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක අයුතු සැළකීම්, එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩිලෙස හෙළා දකින බවත් හනා සිංගර් මහත්මිය සදහන් කර සිටින්නීය.
COMMENTS
අනේ කොහොමහරි මේ මිනිස්සු ටික පරිස්සම් කරගන්න .මොකද ධාර්මිකව පිනක් දහමක් කරගෙන එළියේ ජීවත් උන කට්ටිය .මේ එක පුද්ගලයෙක් හරි මැරුනොත් රටට ලොකු පාඩුවක්
දැන් ඔය කොටි සංවිධානයේ කියපු නිසා මේගොල්ලෝ .හෙලා දකිනවා .හැබැයි සිංහල උනානම් මෙයාලා පස්ස හැරිලාවත් බලන්නේ නැහැ .ඕක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ හැටි