(බිඟුන් මේනක ගමගේ)
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ගේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන වැඩපිළිවෙළක් සකසන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත වන්නන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ට මැතිවරණයකදී ඡන්ද අයිතිය හිමිවන නමුත් මෙතෙක් ඊට ප්‍රායෝගික වැඩපිළිවෙළක් බන්ධනාගාර මට්ටමින් ක්‍රියාත්මක නොවන්නේ යැයි එම සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.
මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති අනුව සුදුසුකම් ලැබූ සිරකරුවන්ට තමන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයි ද එමගින් සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතින්ගේ අවම ප්‍රමිති උල්ලංඝනය වී ඇතැයි ද නීතිඥ සේනක පෙරේරා මහතා කියයි.
මේ නිසා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැතිවරණ කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඉල්ලීම ක්‍රියාත්මක කලොත් සිර දඬුවම් නියම කිරීම තේරුමක් නැති වැඩක් වෙනවා. සිවිල් සමාජයට අනර්තකාරී දේ සිදුකළාට දඬුවම් දුන්නාම ඡන්ද අයිතිය නොදුන්නොත් මෙන්ම නිදහස් වී පැමිණ වසර පහක්වත් යනතුරු ඡන්ද අයිතිය නොදුන්නොත් ඔවුන් නැවත නැවතත් වැරදිවලට යොමුවීම අඩුවේවි. එහෙම නැතිව සිරගතකළා කියලා සිරකරුවන්ට මොවුන් කියන ලෙසට ජනතා මුදල් යොදවමින් පෝෂ්‍යදායක ආහාර දෙමින් වැරදිකරුවන් නඩත්තු කළහොත් මේ රටේ කිසිදාක අපරාධ අඩුකිරීමට හැකියාවක් නොලැබේවි. ඒ වගේම මෙවැනි දූෂිතයින්ට රැකවරණ ඉල්ලන සංවිධානත් සම්පූර්ණයෙන් රටතුළ තහනම් කළයුතුය...
සිරකරුවන් ත්‍රස්තවාදීන් තම අයිතීන් දිනාගන්නා පාලනයක්. අහෝ ! රටකට ගිය කලක්.
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය දෙන්න කලින් රටට ලැබෙන ලොකුම අාදායම වන විදේශ විනිමය එවන පිටරට වැඩකරන අපේ ඡන්ද අයිතිය ලබාදෙන්න. ඒ සඳහා කවුරුවත් කතා නැත.
සියළු සත්වයන්ට මෛත්‍රී කරන්න කියලා තුන්වේලටම කියන රටේ සිරකරුවන්ට සලකන්න විධිවිධාන ගේන්න ගියාම ඒකට විරුද්ධ වෙනවා. සිරගත කරන අය නැවත ඒ ජාතියේ වරද නොකරන්න එයාලට මගපෙන්වනවා මිසක ඒ කට්ටියගෙන් පලිගන්න වැඩකරන එක ශිෂ්ඨ සමාජයට ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ ඉද්දි අනික් මිනිස්සුන්ට තවත් හිරිහැර වේය කියලා එයාලා වෙන් කරලා තියනවා මිසක මේ අය මනුස්සයෝ නෙමෙයි කියලා කොටුකරලා තියන්නේ නැහැ කවුරුවත්. සිරගෙදර බිත්තියේම ගහලා තියෙනවා සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා. ඒ අයට හොඳට සැලකළා.. ඒ අයට අලුත් ජීවිතයක් ගෙනියන්න අවශ්‍ය කරන හැකියාව, ශක්තිය, මාර්ගෝපදේශනය හිරගෙදරින් ලැබෙනවා නම් කිහිපවතාවක්ම හිරගෙදර විසිට් යන පිරිස එන්න එන්නම අඩුවේවි....
බූරුවෙක් ලෝයර් කෙනෙක් වුණාම ඔහොම අදහස් පහළ වෙනවා..
සිරකරුවන්ට ඡන්ද අයිතිය දීම හෝ නොදීම අපරාධ අඩුවක් හෝ වැඩියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විදෙස්වල ඉන්න අයටත් රෝහල් වල නේවාසිකව ඉන්න අයටත් මේ ඡන්දය භාවිතා කිරීමේ කිසියම් ක්‍රමවේදයක් හඳුන්වා දීම කාලෝචිතයි. ඒ වගේම සිරකරුවන්ට ඡන්දය දාන්න දෙනවා නම් විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද ඒ අය ස්වාධීනව ක්‍රියා කිරීම ප්‍රායෝගික නැහැ. මේ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ විද්‍යුත් ජන්ද ක්‍රමයක් හඳුන්වා දීමයි.
ඇතුලේ ඉන්න මන්ත්‍රීලා ඇමතිලා ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්න අවස්ථාවක් දෙන්න වගේ හදන්නේ....
මිනීමරුවන්ටත් ඡන්ද අයිතිය දෙනවා නම් ඔවුන් අතින් මැරුණු අයටත් ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමයක් යොදන්න. සියල්ලම සාධාරණව කරාවි කියලා හිතනවා.