
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රාජගිරිය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කඩා භාණ්ඩ සොරා ගැනීමට උත්සාහ කොට , එය ව්‍යර්ථ වීමෙන් පසුව නාවල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා , රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න භාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනෙකු අද (17) දා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල (51) සහ රාජගිරිය අරුණෝදය මාවතේ (46) පදිංචි දෙදෙනකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයින් දෙදෙනා ත්‍රිරෝද රථයකින් පැමිණ ,රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කැඩීමට ඉකුත් 13 දා රාත්‍රී උත්සාහ කර තිබේ.පසුව එය ව්‍යාර්ථ වීම නිසා නාවල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් කඩා , එහි තිබූ විදුලි මනුවට සවිකරන වයර් රෝල් දෙකක් සහ වතුර මෝටර් පහක් සොරාගෙන ගොස් තිබුණි .
පසුව මේ පිළිබඳව ලද පැමිණිලි දෙකකට අනුව , එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේ දී, සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථ අංකය අනුව පරීක්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ පුද්ගලයකු දෙහිවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු දෙහිවල පොලිස් වසමට දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පැවසේ. සැකකරුවන් දෙදෙනාගෙන් ලද තොරතුරු තොරතුරුවලට අනුව , සොරා ගත් වතුර මෝටර් සහ වයර් රෝල් තොගය පොලිස් භාරයට ගත් බව කියයි .
මොවුන් දෙදෙනා ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැළකින් රුපියල් 85,000 වටිනා දුම්වැටි තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි දෙදෙනකු බව ද පොලීසිය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සොරකම් රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට