(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය ඉලක්ක කර ගනිමින් සිරිකොත ගමට යනුවෙන් නව වැඩසටහනක් ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙහි පළමු වැඩසටහන ලබන මාර්තු 10දා කළුතර දිස්ත්‍රික්කය පුරා පැවැත්වීමට නියමිත බවද මහ ලේකම්වරයා කීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සියලුම නායකයන් මැති ඇමතිවරුන් මෙම ගමින් ගමට යන වැඩසටහනට සහභාගී වීමට නියමිතය.
මෙහිදී පක්ෂයේ ශාඛා සමිති, ලක්වනිතා, තරුණ සමිති ප්‍රතිසංවිධානය කරමින් දැවැන්ත ප්‍රතිසංවිධානයක් කිරීමට නියමිත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
සිරිකොත ගමට වැඩසටහන රට පුරා සියලු දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිත බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
රටට මේ අවුරුදු 4 කරලා තිබෙන සංවර්දනය ගැන හිතලා ගම්වල මිනිස්සු සිරිකොතට ගල් ගහන්න ලැහැස්ති උනොත් මොන පාරට තාර දාලාද සිරිකොත බේරා ගන්නේ. වැඩේ පටන් ගන්න කලින් ඒ ගැනත් සිතන්න.
සාර්ථක ගම්පෙරලියකින් ගම දියුණු උනාට ,තව තවත් .නියමයි ඇ
ඕක කොළඹ තිබිලත් අපට ගමෙත් ඉන්න බැරිකොට ගමට ගෙනාවොත් ඉතින් අපි මුහුදට
යන්න කලින් කාර්පට් දාපු ගමන් නැවත හාරපු පාරවල් හදාගෙනම යන්න හොඳේ !