හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද (23) අලුයම සිට ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයෙන් ගලා ගිය රතු පැහැ ගැන්වු ජලයෙන් රත් පැහැ ගැන්වී ඇති බව ගම්වැසියෝ පවසති.
ඊයේ (22) රාත්‍රීයේ අරුවක්කාඩු කසල අංගන ප්‍රදේශයට ඇදහැලුන මහ වැසි වලින් එකතු වු විශාල ජල කදක් ජල පොම්ප මගින් ගොඩබිම් විවෘත ප්‍රදේශයට පොම්ප කිරිමත් සමඟ එම ජලය රත් පැහැවී කලපුවට ගලා එමින් තිබෙන බව ඔවුහු කියති.
සේරක්කුලිය ප්‍රදේශවාසීන් මෙයට පෙර තමන් කසල අංගනයට විරෝධය මතු කරමින් පළමුව විරෝධය මතුකර සිටියේ ද මෙම ඉදි කරමින් පවතින කසල අංගනයේ සිට දැවැන්ත ඇළ මාර්ගයක් කපා එහි අපිරිසිදු ජලය මේ ආකාරයට කලපුවට දැමීමට සූදානමක් පවතින බවයි.




COMMENTS
මම අහලා දැකලා තියන විදිහට නම් ඔය ඇල්ගී වර්ගයක්... නමුත් හරියටම දන්නේ නැහැ.
විජය කුමාරයා ගොඩ බැහැපු කාලෙත් ඔය පැත්ත රතුපැහැ ගැන්විල තිබුණලු. මේ පාරත් එහෙන් විජය කුමාරවරු මෙහෙ ගොඩබහින්න වගේ යන්නේ. මෙයා ගිහින් එන්න කියලත් ආවනේ.
රතු ඇල්ගී අසාමාන්‍ය ලෙස වර්ධනය වී මුහුදු වල එක වර ඉහළ යන්න පුලුවන්. මසුන් මැරෙන අවස්ථා වාර්තා වී තිබෙනවා (උදා.පිලිපීන් රටේ).
බැලූ බැල්මට නම් පෙන්නේ මඩ පස් . ඉදිකිරීම් ප්‍රදේශයේ මෙහි පලවන පින්තුර අනුවයි කියන්නේ. අනික් කරනයනම් ඉදිකිරීමක් පවතින ස්ථානයකින් කිසියම්ම හෝ රසායනික ද්‍රව්‍යක් පිටවුවානම් එම ප්‍රමාණය ටොන් ගණනක් වියයුතුය. නැතිනම් විශාල ජල ප්‍රමාණයක් පැහැගන්විය නොහැක.
මේ වෙලා තියෙන්නේ වැස්සත් සමග පිහිටි පොළොවේ තියන පස් සෝදා කලපුවට ඇවිත්. 2 සහ 3 ජයාරූප වලින් පේනවා පිහිටි පොලවේ පස් රතු පාටයි කියල. පාංශු ඛාදනයේ ප්‍රතිඵලයක්. ඉදිකරීම් සමගම පරිසර නීති රීති මීට වැඩ හොඳින් රකින්න ඕනේ.
අපේ රටේ පරිසරය සහ ජලාශවලට විශාල පරිසර හානියක් කරන්නේ අපේ රටේම රජයේ ආයතනයි . කොටින්ම පත්වෙන සියලුම රජයන් සහ එහි ආයතනයි . පාරක් හැදුවොත් කාණුවක් නැත . කානුව පසුව හදයි . එම කානුව හැදීමට පාර කඩයි . නැවත පාර හදයි . ඉන්පසුව නැවත පාර කඩා ජලනල එලයි . එහිදී කාණුව වැහෙයි . නැවත පාර හදයි . අන්තිමේට කාණුවක් නැත . මෙය රටේ සියලුම පලාත්වල සිදුවෙයි .මෙම උදාහරණය ඉහත පුවතට අදාළ නැති උනත් කීමට අවශ්‍ය විය . මෙම කලපුව පමණක් නොව . සියලුම කලපු , ගංගා, මුහුදු වෙරල විනාශ වීමට හේතුව පත්වෙන සියලු රජයන්ගේ නොහැකියාවයි . දැක්මක් සහ ප්‍රතිපත්තියක් නැත .පත්වෙන ඇමතිගෙන් ඇමතිට සිතෙන පරිදි වැඩ කටයුතු සිදුවේ . පත්වෙන ඇමති අදාළ අංශය ගැන මෙලෝ දැනුමක් නැති පුද්ගලයෙකි . වියයුත්තේ රටක දියුණුව සහ පවත්වාගෙන යාම සඳහා එක ප්‍රතිපත්තියක් නිර්මාණය කර පත්වෙන ආණ්ඩුව එය හොඳින් කරගෙන යාමට උත්සහ කිරීමයි . එහිදී මොන ආණ්ඩුව වෙනස් උනත් ඉලක්කය වෙනස් නොවේ .
පෑලියගොඩ මාළු මාකට් එකේ සියලුම ජරාව කානු හරහා හැමදාම දිනකට කීපවතාවක් අමු අමුවේ ගඳ ගගහා කැළණි ගඟට මුදාහරින බව කවුද දන්නේ . අයි මාළු මාකට් එක හදනකොට ඔය ජරාව විනාශ කරන්න ඔය ඉඩම ඇතුලෙම ස්ථානයක් හැදුවේ නැත්තේ ? ඔය මාකට් එකෙන් රජයට ලැබෙන ආදායමෙන් අවට පරිසරය පිරිසිඳු කරන්න සතපහක් වියදම් නොකරන්නේ අයි ? කිසිම ලැජ්ජාවක් නැතුව අතිවිශාල මුදලක් වියදම් කරමින් මාළු මාර්කට් එකේ ජරාව ගඟට මුදාහැරිමට මිගමු කොළඹ පාර හරහා පාලමක්ද සහිතව විශාල කාණුවක් කපන වෙලාවේ අයි මේ ජරාව විනාශ කරන්න ස්ථානයක් හදන්න කල්පනා නොකළේ ? දැන් හෙට අනිද්දා වෙද්දී එම අසලටම කොළඹ එළවලු මාකට් එක පැමිණියාම එහි ඉතුරුවෙන ජරාවත් ඔය කාණු වලින්ම කැළණි ගඟට නේද ? ඕවලින් ගන්න බදු සල්ලි වලින් මොනවටද වියදම් කරන්නේ ?