IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සියලුම ගොවීන් ලබන 16 දා කොළඹට කැඳවනවා

 

(නිමල කොඩිතුවක්කු)

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් ගොවි ජනතාවට සිදු කර ඇති හානියට විරෝධය පළ කරමින් ලබන 16 වන දා කොළඹ දී දැවැන්ත විරෝධයක් සිදුකරන බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී  හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

තම වගාවන් සිදු කරගෙන යාමට නොහැකිව දුෂ්කර තත්ත්වයට පත්ව ඇති රට පුරා විසිරී සිටින සියලුම ගොවීන් කොළඹට කැඳවා මෙම විරෝධතාවය පල කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හැකිනම් එම ගොවීන්ගේ බෙල්ලෙ නොව නැට්ටෙන් හෝ අල්ලා පෙන්වන ලෙස රජයට අභියෝග කරන බවත් හෙතෙම පැවසීය.

බෙල්ලෙන් අල්ලා ඕනෑම දෙයක් සිදුකළ කළ හැකියැයි ජනාධිපතිවරයා පවසන්නේ නම් රටට ඇත්තේ දෙයියන්ගේ පිහිට පමණක් බවත් රජයේ වැඩපිළිවෙලට එරෙහිව ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ උද්ගතව තිබෙන ජනතා පීඩනය මුදාහැරීම, ලබන 16 වනදා සිදුකිරීමට නියමිත දැවැන්ත ගොවි උද්ඝෝෂණයෙන් ආරම්භ කරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව මහපාරට බසින දවස වැඩි ඈතක නොවන බව ආණ්ඩුවේ ප්‍රධානීන් තේරුම් ගත යුතු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (8)

සියලුම ගොවීන් ලබන 16 දා කොළඹට කැඳවනවා

කිරි පුතා Wednesday, 10 November 2021 02:22 PM

ඔව්, ඒක හොඳයි . රසායනික වෙනුවට කෝවිිඩ් බෙදාගෙන යන්න බැරියෑ...

:       7       17

Ruhunu Wednesday, 10 November 2021 03:04 PM

ඔබ තුමත් එතනට එනවා නම් අමුඩයක් ගහගෙන එන්න .නිකන් සුදු රෙදි ඇඳගෙන ඇවිල්ල මිනිස්සු උසිගන්වන්නේ නැතුව .අච්චර විනාශයක් තාත්තා කියලත් ඒක වල්වක්වා ගන්න බැරි උනා .දැන් බොරුවට ගොවියන්ට ආදරය පෙන්නනවා

:       5       15

SUNIL MILANO Wednesday, 10 November 2021 03:45 PM

මෙයාලාගේ කතාත් අප්පිරියයි අහන්න. කිසිම වැදගැම්මකට නෑ...

:       0       0

Raveendra Wednesday, 10 November 2021 04:02 PM

අපි එදා සිටම කලේ බොරදියේ මඩ කරියන් අල්ලන එකනේ. ඉතින් පුරුද්ද කොහොමද බොල නවත්වන්නේ...?

:       1       1

Senarath Wednesday, 10 November 2021 04:10 PM

රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ කුඩුකාරයෝ ඉන්නවා කිව්වේ කා ගැනද?

:       0       1

fairoos Wednesday, 10 November 2021 05:04 PM

ඔක්කොම එක ගහේ ගෙඩි... ජවිපයට ඡන්දෙ දීලා බලන්න ඕනේ...

:       1       3

Raveendra Wednesday, 10 November 2021 05:54 PM

අප රටේ විපක්ෂය නමැති පට්ටියේ ඉන්නා අය බලන්නේ කෙසේ බලයේ ඉන්න අය පන්නා දමා අපි පට්ටියේ බලය ගන්නේ යන න්‍යායෙන් වීම මොනතරම් කණගාටුද...? රට වැටී ඇති අගාධයෙන් ගොඩඒමට එකාමෙන් වැඩකළයුතු අවස්ථාවේ මේ වගේ මුග්ධයින් බලන්නේ රට තව තවත් ප්‍රපාතයට ඇද දමා බලය ගැනීමට උත්සාහ කිරීම නොවේද... මේ කිරීමට බලාපොරොත්තු වන්නේ..? නුඹලා පමණක් නොව නුඹලා පිටුපස සිටින ජෙප්පන්ද එහි විපාක ගෙවනු නියතයි. මෙම අදහස් හරින්ට වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!! අපගේ මාතෘ භූමියට යහපතක්ම වේවා.....!!!

:       1       3

Bamunuarachchi Thursday, 11 November 2021 01:35 PM

අමුඩේ පිටින් ගෙන්නාගෙන ගෙදර එක්ක යන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 239 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site