
(නයෝමි දිල්රුක්ෂි)
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වු ජනතාව පදිංචි වී සිටින ඉඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාදීමට කටයුතු කළ බව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි නීත්‍යානුකූල ඉඩම් අයිතිය නොමැති සියලු දෙනාට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු කඩිනමින් ලබාදීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කර ඇත.
කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති අවතැන් වු ජනතාව පදිංචි ඉඩම් සඳහා ප්‍රදාන පත්‍ර ලබා දීමේ වැඩසටහනකට සහභාගී වෙමිණි.
නීත්‍යානුකූල නිවසක සහ ඉඩමක අයිතිය තහවුරු වීම තුළ සතුටින් ජිවත් වන පවුලක් ගොඩ නැගෙන බවත්, ඔවුන් පදිංචි නිවාස සදහා ජලය, විදුලිය මාර්ග, යටිතල පහසුකම්, ලබාදිමට රජය කටයුතු කර තිබෙන බවත් දිස්ත්‍රික් ලේකම් කීය.
වර්ෂ 2016 දී හඳුනාගත් අධි අවදානම් පවුල් 586 න් කළුගල, තල්ගමුව සහ තල්ගස්පිටිය (මුස්ලිම්) ග්‍රාම නිලධාරී වසම්වල තාවකාලික බලපත්‍ර හිමි පවුල් 69 ක් සඳහා ප්‍රදාන පත්‍ර ලබාදීමට කටයුතු කළ බව අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් . ඒ. එම්. ෆයිසාල් මහතා පැවසීය.
මෙම අවස්ථාවට අරණායක පොදුජන එක්සත් පෙරමුණේ සංවිධායක සහ අරණායක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඩබ්ලිව්. ජයරත්න, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්ම මහත්මීහු ද, ප්‍රදාන පත්‍රලාභීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.
2025 නොවැම්බර් මස 17
57
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
894
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වූවන්ට නීත්‍යනුකූල ඉඩම් ඔප්පු