IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සැමියා එල්ල කළ පිහිපහරින් ලක් කතක් රෝමයේදී මරුට

( තිළිණි ද සිල්වා )

පවුල් ආරවුලක් නිසා මගමගදී සිය සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ලාංකික සැමියා ද රෝම පොලීසිය  අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉතාලියේ විසූ 40 හැවිරිදි ලාංකික කාන්තාවක් වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන 49 හැවිරිදි ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආංරිචි මාර්ග කියා සිටී.

පෙරේදා (29) සවස 2.30 ට පමන රෝමයේ පොර්තුනීස් ( Portuense) ප්‍රදේශයේ මහ මගදි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇතැයිද සදහන් වේ.

මහමගදි මෙම සැකකාර ලාංකිකයා විසින් ඇයගේ බිරිඳට සිදු කළ මාරාන්තික පිහි ඇනුමෙන් ඇය මාර්ගයේ ඇද වැටී ඇති අතර , ඇයගේ තත්ත්වය බරපතල වූ නිසා මාර්ගයේ ගමන් ගත් පිරිස් ගිලන් රථ කැදවා ඇයව රෝමයේ සෙන්ට් කැමිල්ලෝ ( S. Camillo )රෝහල වෙත පිටත් කර යවා ඇත.

රෝහලට ගෙන යන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇයව හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු යොදා තිබුණද ඊට පෙර ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඇයට පිහි පාරවල් කිහිපයක් එල්ල කර ඇති අතර බඩට එල්ල වී තිබු මාරාන්තික පිහි පාරවල් 2 ක් නිසා ඇය මිය ගොස් තිබෙන බව සදහන් වේ.

ඔවුන් දෙදෙනා මහා මාර්ගයේ බහින්බස් වෙමින් ගමන් ගත් බවත්, ක්ෂණිකව ඔහු විසින් පිහියක් ගෙන ඇයට එල්ල කල බවත් මහාමාර්ගයේ ගමන් ගත් අය රෝම පොලිසියට පවසා තිබේ. පොලිසිය එතනට පැමිණෙන විටත් ඔහු එම පිහිය අත දරා සිටි බවද පොලිසිය සදහන් කරයි.

මේ වන විට මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණයකට සූදානම් කර ඇති අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (12)

සැමියා එල්ල කළ පිහිපහරින් ලක් කතක් රෝමයේදී මරුට

fairoos Sunday, 30 May 2021 02:02 PM

මේ අපේ ඉතාලියේ අක්කද?

:       27       2

Senevi Sunday, 30 May 2021 03:20 PM

අනිත් කට්ටිය කරනවා වගේ එංගලන්තෙට පැනගත්තා නම් ඔය වින්නැහිය වෙන්නේ නැහැනේ. සුද්දෝ දෙන පින්පඩිය අරගෙන වැඩක් පලක් කරන්න මහන්සි වෙන්නේ නැතුව සැපට කාලා බීලා ඉන්න තිබුණා.

:       18       17

නුවන් වික්‍රමසිංහ Sunday, 30 May 2021 04:37 PM

කැලේ මාරු වුණාට සතා සතාමයි. අපේ කට්ටියගේ මෙවැනි නොහොඹිනා වැඩ නිසා සිදුවෙන්නේ මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ම අපහසුතාවයට පත්වීමයි. මෙවැනි රටක නීතිය ඉදිරියේ වෙන්වීම ලංකාවේ තරම් සංකීර්ණ නැහැ කියලා මම හිතනවා. එහෙම නොවුණත්.., දෙදෙනා නොගැලපෙන බව දැනුණානම් වෙන්වී ජීවත් වෙන්න තිබුණේ...

:       0       7

Thusitha Sunday, 30 May 2021 04:41 PM

ඉතාලි ඉන්න ගොඩක් අය ලංකාවේ මුඩුක්කුවල හැදිච්චි අය... ඔය අය ඔහොම තමයි.

:       6       0

හේමන්ත Monday, 31 May 2021 08:28 AM

ඉතාලියේ ඉන්නේ ලංකාවේ මුඩුක්කුවල අය පමණක් නොවෙයි, කුරුඳුවත්තේ අයත් ඉන්නවා. මුඩුක්කුවල අය කියලා එහෙම මිනිස්සු වර්ග කරන්න එපා. අපි හැමෝම ලක්මවගේ දරුවෝ. ඔබට මුඩුක්කුවල අය සමග පුද්ගලිකව තරහක් ඇතිනම් ඒක වෙනම දෙයක්... එහෙම වුණා කියලා මුඩුක්කුවල මිනිස්සු කියලා ගරහන්න එපා... ඒක හරිම කැතයි.

:       0       10

විපරමා Sunday, 30 May 2021 05:43 PM

පවුල් ඇතුලේ මොනතරම් ආරවුල් තිබුණත් මේ වගේ අමානුෂික විදියට මරාදාන්නේ මොන හිතකින්ද?

:       0       4

Don perera Sunday, 30 May 2021 06:18 PM

එන්ගලන්තෙටනම් එන්න එපා

:       4       3

Shan Sunday, 30 May 2021 09:21 PM

එංගලන්තයේ පින් පඩි දෙන්නේ නැහැ. ජනතාවට උදව් කරනවා. වැඩ කරන්න ඕනේ... ඒක හැමෝටම ගන්න බැහැ. අනේ අපේ රටටත් ඉංග්‍රීසි පාලනයක් තිබුණා නම් මේ වගේ පගාවල් ගහන්න බැහැනේ... සෙනෙවි ඔයාට කියන්නේ ඉතාලිය තරම් සුන්දර මිනිස්සු ඉන්න රටක් කොයි ලෝකේවත් නැහැ. ඒකයි ඇත්ත.

:       3       12

NuwanMonday, 31 May 2021 06:31 AM

එංගලන්තයේ පින්පඩි දෙන්නේ බෝට්ටුවෙන් ආපු, බෙලිකපන අයට විතරයි. යුරෝපයේ අනිත් රටවලත් බෙලි කපන නිකායේ අයට විතරයි...!!!

:       0       0

Nuwan Monday, 31 May 2021 05:35 AM

මේ වගේ වැඩ කරන්නේ ලංකාවෙන් බෝට්ටුවෙන් ගිය නුගත් අය

:       3       6

MangalaMonday, 31 May 2021 06:39 AM

මිනිසුන්ට අපහාස කරන්න එපා. නූගත් කියලා මිනිස්සු කොටසක් නැහැ. ඔයා කියන නූගත් මිනිසුන්ට වඩා අමානුෂික වැඩ ඔය උගත් කියන මිනිස්සු කරනවා. මොන කෙනා කළත් මේ වැඩේ වැරදියි, දුක හිතෙනවා එච්චරයි.

:       0       3

Pat Monday, 31 May 2021 06:20 AM

ඉතාලිවල ඉන්න හුඟදෙනෙක් අවංක නැහැ... හරිම කපටියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1058 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site