
(යොහාන් භාසුර)
තරග සංචාරයක් සඳහා අද (10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කටුනායක ගුවන්තොපළේදී අද අලුයම කළ පරීක්‍ෂණයෙන් ඒ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවත් ඒ මහතා මීට මාස දෙකකට පමණ පෙර ද කොවිඩ් ආසාදිතව නිරෝධානයට ලක්වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS