IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සමනල වැව ජලාශය පිරීයයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

සමනලවැව ජලාශය පිරීයාමෙන් සමනලවැව පෝෂණය වන වලවේ ගඟ ඉස්මත්තේ පිහිටි බටුගම්මන, තිත්තවැල්ආර, වැලිකුඹුර, වෙනිවැල්ගැට ආර, දෙකිඳ, තුන්කිඳ ආදී ප‍්‍රදේශ වසර දහයකට පමණ පසු ජලයෙන් යටවෙමින් පවතියි.

මේ දිනවල ශ‍්‍රීපාද අඩවියට සහ හෝර්ටන් තැන්න ප‍්‍රදේශයට ඇදහැළෙන මහවැනි නිසා වලවේ ගෙඟ් සහ බෙලිහුල්ඔයේ ජල මට්ටම් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් සමනල වැව ජලාශය මෙසේ ජලයෙන් පිරී යමින් පවතියි.

සමනලවැව ජලශයට ජලය පිරවීමේදී මෙම ගම්මාන යට වූ අතර පසුව ජලය අඩු සමයන්හිදී එම ගම්මාන වල තිබූ කුඹුරු වගා කිරීමට ගම්වැසියෝ කටයුතු කළහ.



අදහස් (5)

සමනල වැව ජලාශය පිරීයයි

Kumar Sunday, 13 October 2019 05:30 PM

වැස්ස වහිනවා කියන්නේ විදුලිබල මණ්ඩලයට සල්ලි වහිනවා වාගෙ. වැස්ස නිසා තාප විදුලිය උත්පාදනය අඩුකරන්න පුළුවන් නේද. අන්තිමට පරිභෝගිකයෝ ඒ අයගේ බිල් ගෙව්වොත් තමා හොඳ. දැන් සමනල වැවේ ජලය කාන්දුවීම නතරවෙලාද.

:       1       6

ගොන්ගාලේ ගොඩබණ්ඩාMonday, 14 October 2019 05:07 AM

කුමාර් "වහිනවා කියන්නේ විදුලිබල මණ්ඩලයට සල්ලි වහිනවා වාගෙ" නොවෙයි. ඇගට උල් වලින් අනිනවා වගේ. වැහි වතුරින් විදුලිය හදනකොට පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න බෑ. ගල් අගුරු වලින් එන කොමිස් එකත් නැතුව යනවා. ඔන්න බලන්න ලගදීම අත්‍යාවශ්‍ය අලුත් වැඩියාවක් සදහා කියලා ඔය වතුර පිරුණු ජලාශ හිස් කරනවා. ජනතාව කෑ ගැහුවොත් කියන්නේ අලුත්වැඩියාව පමා කලොත් විශාල හානියක් එහෙම නැත්නම් කියනවා මේ අලුත් වැඩියාව බාරගත් විදේශ කොන්ත්‍රාත් සමාගමට අහවල් දවසට පෙර එය පටන් ගන්න දෙනවා කියල අපි පොරොන්දු වුනා. නියමිත දිනට ඔවුනට බාර නොදුන්නොත් මණ්ඩලයට බිලියන ගණනක වන්දියක් ඒ සමාගමට ගෙවන්න වෙනවා. ඒ නිසා ජලාශ හිස් කරනවා. මේ බලාපොරොත්තු නොවුන වැහි තත්වයක්. ඔය වගේ උත්තර ඕනේ තරම්. බලන්නකෝ බොරුද කියලා.

:       0       11

LGJ ධර්මරත්න Monday, 14 October 2019 02:29 AM

නුදුරේදීම ධාර්මික රජෙකු බිහිවීමට නියමිත බව දන්නා සොබා දහම පවා සතුටට පත්වී ඇති සැටියක් පෙනෙයි.

:       71       308

de silva Monday, 14 October 2019 09:22 AM

ධර්මරත්න මහත්මයා... මොකද ඔබතුමා ධර්මලන්තයේ අනාගත රජෙක් ගැන සිහින මවන්නේ? මොකද දැනට ඉන්න කෙනාට ඔබතුමා අකමැතිද..?

:       0       16

චමින්ද විමලසේන Thursday, 20 June 2024 11:13 PM

එතකොට එම ජලය කාන්දු වුණාම මිනිස්සුන්ට කන්න බොන්න වගා කටයුතු සිදුකරන්න ලේසි නේද එයාලා (මිනිස්සු) කියන්නේ එයාලාට දෙවියන් දීපු ආශිර්වාදයක් කියලා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1130 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site