එෆ්.අස්ලම්
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ.
කොටි සංවිධානයේ සන්නද්ධ අරගලය කිසිවිටක අනුමත නොකරන බවට සිදුකළ ප්‍රකාශයක් මත මෙම ලිපිය යවා ඇති චාල්ස් නිර්මලනාදන් සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගැනීම සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවන ලෙසටද බලකර ඇත.
සිංහල සමාජ මාධ්‍ය නාලිකාවක් සමගින් පසුගියදා සාකච්ඡාවකට එක්වෙමින් කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටක අනුමත නොකරන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදුකර තිබුණි.
මේ සම්බන්දයෙන් දෙමළ දේශපාලන ධාරාවෙන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට්,ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේම නායකයින් හා නියෝජිතයින් අප්‍රසාදය පලකරති.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට අදහස් දක්වමින් කියා සිටියේ අවිහිංසාවාදී අරගලයකින් පසු ආයුධ සන්නද්ධ අරගලයකට උතුරේ දෙමළ තරුණ කණ්ඩායම් ඇද දැමුවේ දකුණේ පාලනය බවය.
දෙමළ ජනතාවගේ විමුක්තිය හා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගත් එම අරගලය පිළිබද නිසි අවබෝධයකින් තොරව සුමන්තිරන් මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇති බවය.
දේශපාලන පක්ෂ කිහිපයක නියෝජනයක් වන දෙමළ ජාතික සන්ධානයේ නාමය භාවිතා කරමින් මේ ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීමට මින් ඉදිරියට කිසිදු ඉඩක් නොතැබීමට දෙමළ ජාතික සන්ධාන නායකත්වය කටයුතු කළයුතු යැයිද සිද්ධාර්ථන් මහතා කීය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්මම් අඩෙයිකලනාදන් මහතා ද ලංකාදීපයට අදහස් දක්වමින් සදහන් කළේ කොටි සංවිධානයේ ආයුද සන්දන්ධ අරගලය සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා සිදුකළ ප්‍රකාශයට දැඩි අප්‍රසාදය පලකර සිටින බවයි.
එම සංවිධානයේ අරගලය ගැන එවන් ප්‍රකාශයක් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
කෙසේ වෙතත් සුමන්තිරන් මහතාගේ එම ප්‍රකාශය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානයට අමතරව උතුරේ දේශපාලන හා සමාජ බලවේග වලින් ද දැඩි චෝදනා හා අප්‍රසාදය මතුවෙමින් පවතී.
COMMENTS
සන්නද්ධ අරගල කාටවත් හරිගියෙත් නැහැ හරියන්න දෙන්නෙත් නැහැ. වල් ඌරන්ටත් මේ න්‍යාය පොදුයි.
දැන් කවුද කොටියා? ත්‍රස්තවාදීන් වෙනුවෙන් මෙයාලා මෙහෙම කතා කරන්නේ මොන හයියක් අරන්ද? එතකොට උතුරේ අයට විතරයි විමුක්තිය මදිවෙලා තිබුනේ? රටේ අනික් පළාත්වල හිටියේ එක්කෝ දෙමළ නෙවේ. නැත්තන් එයාලට කිරියෙන් පැණියෙන් උතුරලා....
මේක මොන ජාතියේත් මධ්‍යස්ථ මිනිස්සුන්ට හොඳ කාලයක් නෙමෙයි. මාකට් එක තියෙන්නේ අන්තවාදයට. මධ්‍යස්ථභාවය ජනප්‍රිය නැහැ. ඒත් ඒවා කලකදී වෙනස් වෙයි.
ලංකාව වැනි රටක සිටීම ගැන මොවුන් දෙවියන්ට පින්දිය යුතුයි.
ඒ කියන්නෙ මේ සියලුම දෙනා LTTE එකේ ආයුධ සන්නද්ධ අරගලය අනුමත කරනවා. LTTE එක කල ඝාතන අනුමත කරනවා. බෝම්බ තබමින් දකුනේ සිංහල ජනතාව ඝාතනය කල එක අනුමත කරනවා... මේ ලිපිය කියවනකොට මට තේරුනේ සුමන්තිරන් ලොකු වැරැද්දක් කරල තියෙන විදිහට තමා මේක ලියල තියෙන්නෙ කියල...
ඕවට අහුවෙන්න එපා. ඔය ආණ්ඩුවට රිංගන්න පොටක් හොයන්නේ. රිංගුවට පස්සේ ආයෙමත් එයාමයි.
මේකෙන් ඉතා පැහැදිලියි... දෙමළ ජාතික සන්ධානය කියන්නේ කොටි. දැනුත් කොටි වෙනුවෙන් පෙනී සිටින මේ දර්මලින්ගම්ගේ පියා, අමිර්දලිංගම් ඇතුළු ටෙලෝ, පුලෙට්, EPRLF සහ ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායකයන්ව ඝාතනය කලෙත් කොටින් විසින්. බල තන්නාවට තමන්ගේ පියා සහ නායකයන් ඝාතනය කල එකත් සාධාරණ වගේ. දකුණේ සහ උතුරේ දේශපාලකයෝ අතර වෙනසක් නැහැ.
දෙමල කියන්නෙම කොටිය කියන එකට තවත් සාක්ශි මොකටද? මේ කියල තියන ටිකම මදෑ...
මේවා රට රවටන මාධ්‍ය සංදර්ශන...
මොන මිනිහටද පුලුවන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් අනුමත කරන්න. ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේම දෙමළ සමාජය විනාශ කලා. මොලෙන් කළා නම් මීට වඩා දුර ගිහින්... සුමන්තිරන්ලා පහුගිය කාලේ මොලේ පාවිච්චි කරලා සෑහෙන්න දෙයක් කළා. එක උණ්ඩයක් නැතිව උතුරේ බෞද්ධ ආගමික ස්ථාන කුඩුපට්ටම් කරපු එක විශ්මයජනක නැත්ද?
දෙමළ සන්ධානය සහ සංවිධානය යනු දෙකක් නොව එකක්ම බව කැනඩාවේ නඩු තීන්දුවකින් කලකට ඉහතදී කියැවුනා මතකයි. දැන් ක්‍රියාකාරීව ඉන්න සියළු දෙමළ දේශපාලුවන් අමු ගෝත්‍රික වරගවාදීහු වෙති. සුමන්දිරන් ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක් ඔක්කොටම කලින් ඒක පිළිගන්න වෙනවා. ඔහු ඉන්නෙ සැලැස්මක. UN ආශිර්වාදයෙන් ඊළම පිහිටුවා සමහරවිට දෙමළ ජාතියේ පියා වීමේ සිහිනයකුත් ඇති. මේ සැලැස්ම තුළ ඔහු ඉතාම හොඳින් සිංහල ජනතාව රවටමින් ඉදිරියට යනවා. මේ සඳහා නොමඳ සහයෝගයක් UNP, JVP, SJB දේශ්පාලනයෙන් ඔහුට ලැබෙනවා. ( ඒක තමයි ඔවුන්ගේ නඩු වලට නොමිලේ පෙනී හිටින්නේ ). මේ කථාව හුදු සිංහල ජනතාව රැවටීමක් මිස වෙන දෙයක් නොවෙයි. ඔහු ඉතාම හොඳින් දන්නවා සන්නද්ධ අරගලයකින් තොරව ජාත්‍යන්තර මැදිහත්වීමකින් ඊලම හදාගැනීම කල හැකි දෙයක් කියලා. අපි හිතනවාට වඩා ඔවුන් බොහොම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. සමහරවිට සුමන්දිරන් ඉදිරියේදී තව තවත් සිංහලයින් කුල්මත් වෙන කථා කියයි. රැවටෙන්න එපා!... සයනයිඩ් කරල තිබුණත් නැතත් කොටියා කොටියාමයි!