IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සමෘද්ධි දීමනාව කැපුවැයි අඹුසැමි යුවළක් උපවාසයක

(නිමල් ජයරත්න)
 
සමෘද්ධි දීමනාව කපාහැර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් දිඹුලාගල සමෘද්ධි කාර්යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සමෘද්ධිලාභී යුවළක් අද(02) උපවාසයක් ආරම්භ කළහ.
 
මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ නැගෙනහිර මනම්පිටිය මෙත්සිරිගම 17 ඒ ලිපිනයේ පදිංචි 46 වියැති සිව්දරු පියෙකු වන ඒ.ඒ ශාන්ත සිරිවර්ධන සහ ඔවුන්ගේ බිරිය වන 42 වියැති බී. නදීෂා රේණුකා යන අයයි.
 
තමන් 2015 වසරේදි මෙවැනිම උපවාසයක් ආරම්භ කර ලබාගත් රුපියල් 3500 යේ සමෘද්ධි දීමනාව පසුගිය මාස 05 ක කාලය තුළ ලබා නොදුන් බවත්, එම මුදල කපාගෙන ඇති බවත්, එය රෝගීව සිටින තම පවුලට කරන බලවත් අසාධාරණයක් බවත් ශාන්ත සිරිවර්ධන මහතා පැවසීය.
 
“මගේ පවුලම ලෙඩ වෙලා ඉන්නේ. අපිට කුඹුරු නැහැ. ස්ථිර රැකියා නැහැ. කුලියක් කරලා තමයි දරුවෝ පාසල් යවන්නේ. මම මේ සමෘද්ධි කාඩ් එක ගත්තේ උපවාසයක් කරලා. රුපියල් 3500 සමෘද්ධි දීමනාවෙන් 500 යක් රක්‍ෂණ ගාස්තු කියලා කපනවා. මට මීට අවුරුදු 3 කට ඉස්සර සමෘද්ධියෙන් ගෑස් සිලින්ඩරයක් දුන්නා. ඒකට මාසික සමෘද්ධි දීමනාව කපා ගත්තා. අද මම සමෘද්ධි කාර්යාලයට ආවට පස්සේ ඒකේ මහත්වරු කියනවා මාස පහේම සමෘද්ධි මුදල් ගෑස් සිලින්ඩරයේ ණය මුදල් වෙනුවට කපා ගත්තා කියලා. මේ අසාධාරණේ ඉවසාගන්න බැරි නිසයි මේ ගිනිගහන අව්වේ මම විසඳුමක් දෙනතුරු නෝනත් එක්ක උපවාසය කරන්නේ” යැයි ශාන්ත සිරිවර්ධන මහතා කීය.
 
මේ සම්බන්ධයෙන් දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන් මහතා පැවසුවේ ඔහු සමෘද්ධි ණය ලබාගෙන ඇති බැවින්, එම සමෘද්ධි සහනාධාරය හිඟ මුදලින් කොටසක් කපා ඇති බවයි. බොල් ණය එකතු කිරීමට තමන් සමෘද්ධි නිලධාරින්ට උපදෙස් දෙන බැවින් උපවාසකරුගේ ගැටලුවටද තමන්ට විස ඳුමක් ලබාදිය නොහැකි බවද ඉර්ෆාන් මහතා පැවසීය.

උපවාසය අතරතුරදී සිරිවර්ධන මහතා ක්ලාන්ත වූ අතර පසුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ පිරිසක් පැමිණ ජලය ඉස ඔහුව පියවි සිහියට පත්කළහ.



අදහස් (3)

සමෘද්ධි දීමනාව කැපුවැයි අඹුසැමි යුවළක් උපවාසයක

mahinda Monday, 02 March 2020 11:19 AM

දේශපාලුවන්ගේ බොල් ණය කපන්නේ කවුද?

:       0       1

Bamunuarachchi Monday, 02 March 2020 12:48 PM

සමෘද්ධි මුදලක් දෙන්නේ මොකටද? නැතිබැරිකම නිසා මේ සමෘද්ධි නිලදාරියා කවුද? ණයක් එකවර කපාගෙන ජීවත් වීමට ලැබෙන සමෘද්ධි මුදල නැති කරන්නේ... දැන් මෙතනට දේශපාලුවෙක් ඇවිත් ණය කොටස් වශයෙන් කපාගන්න කියාවි. මේ නිලධාරින් තමයි කොහෙවත් ඉන්න දේශපාලකයින් වීරයෝ කරන්නේ...

:       2       1

dama Monday, 02 March 2020 01:25 PM

ගේන ඇමැතියන්ට බී.එම්.ඩබ්ලිව්, බෙන්ස්.... මරුනේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 431 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site