IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සේමිණීට 15,000 ක් දඩ

(නිමන්ති රණසිංහ)

බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව පැමිණීල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසිනි. නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබීණී. ඒ අනුව අද (16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළේය.

මෙම වරද සම්බන්ධයෙන් වූ චෝදනා පත්‍රය ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය.

ඒ අනුව, අදාළ චෝදනාවට වරද පිළිගත් චූදිතට රුපියල් 15,000ක දඩයක් නියම කිරීමට අධිකරණය තීරණය කළේය



අදහස් (5)

සේමිණීට 15,000 ක් දඩ

දනුක Thursday, 16 December 2021 10:57 PM

හස්බන්ඩ් පොලීසියේ නේද?

:       16       9

Eranga Thursday, 16 December 2021 11:16 PM

මහත්තයා පොලිසියෙ ඉඳලත් නීතිය ගැන නොදැන ඉන්න මෙයාල තොත්ත බබ්බු නෙමෙයිනෙ.

:       23       8

Shan Friday, 17 December 2021 12:58 PM

මාර ලොකු දඩයක් ගහලා තියෙන්නේ. දැන් මේක ගෙවාගන්න බැරිව මෙය බංකොළොත් වෙයිද දන්නෙත් නෑ... බලපත්‍රය නැතිව කළානම් බදු ගෙවලත් නැතිව ඇති.

:       0       4

Nandalal DE SILVA - France Monday, 20 December 2021 02:08 AM

[.... වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු .... තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය.] ඔය චෝදනා වලට භාෂා පරිවර්තක කෙනෙක් උවමනා උනේ මොකද ? සේමිණී ඉද්දමල්ගොඩ නෝනට සිංහල තේරෙන්නේ නැද්ද ?නැති නම් චෝදනා ඉදිරිපත් කලේ එයාට නොතේරෙන බසකින්ද?අනේ මෙහෙම රටක්.මේවාට දෙපැත්තෙන්ම හිනා යනවා කියලා මගේ ආච්චි කියනවා

:       0       1

silva Tuesday, 21 December 2021 09:22 AM

15000 දඩය ගෙවලා ගෙදර යන්න පුළුවන්.. සාමාන්‍ය මනුස්සයෙක් මේක කළානම්, අර වාර්තාව නැහැ.., මේ වාර්තාව නැහැ කියමින් නඩුව අවුරුදු කිහිපයක් ඇදලා, දෙන්න පුළුවන් වද 32 ම දෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site