ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.
විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගත් බව රජය සඳහන් කරයි.
ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.
විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගත් බව රජය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් වරදක් කළපලියට ඔක්කෝටම දඬුවම් කරන එක හරිද?
නීතිය සාධාරණය ක්‍රියාත්මක නොකර සමාජ මාධ්‍ය අවහිර කලාට වැඩක් නැහැ.
මේකට සුද්ද සිංහලෙන් කියන්න තියෙන්නේ "අතීසාරෙට අමුඩ ගහනවා " කියලයි . සමාජ මාද්‍ය වල හැසිරීම ප්‍රශ්න සහගත බව ඇත්ත සමහරු තමන්ගේ පුද්ගලික න්‍යාය පත්තර ඒවා හරහා ක්‍රියාත්මක කරනවා නමුත් ඒවා එහෙම හැසිරෙන්නේ ඇයි? රටේ ජනතාව ට ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැහැ. ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ දරුවෝ , ආණ්ඩුව මොනතරම් නාහෙන් ඇඩුවත් , ඉස්කෝලේ යවන්නේ නැත්තේ එකයි. අදත් තත්වය හොඳ නැහැ කියල තමයි දැනට ආරංචි. අනික මෙහෙ බෝම්බ පුපුරලා ලේ විලක් වෙලා තියෙද්දී , තමන්ගේ අඹු දරුවොත් එක්ක සිංගප්පූරු "ෂොපින් " යන උදවිය ඉන්න රටක මිනිස්සු මොනවා විශ්වාස කරන්නද ? අනේ මගේ රට "කවදා පායයි ද අප දිනිසුරානෝ "
කඩු, කිනිසි සහ තුවක්කු හංගගෙන හිටපු පල්ලිවල මවුලවිලා අත්අඩංගුවට ගන්න එපා.. සමාජ මාධ්‍ය අවහිරකලම නිකන්ම ත්‍රස්තවාදය නැතිවෙනවා. ඔන්න ලෝකේ අනිකුත් රටවලටත් ගන්නවානම් පාඩම් අපෙන්...
ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය වන තවත් අපූර්ව අවස්ථාවක්. රටෙ ආරක්ෂාව තහවුරු කරන්න බැරි සමාජ මාධ්‍ය නිසාද? නැත්නම් ආණ්ඩුවේ පවතින දුර්වලතාවයද? ප්‍රහාරයට මාසයක් වෙන්නත් ආවා ආණ්ඩුව කරන තරමක් කරන්නෙ බොරුව බව මිනිසුන්ගෙ විශ්වාසයි. එසෙ වීමට හේතුව සොයා පිළියම් යෙදීම මිස මෙවන් වැඩ වලින් ජනතා විශ්වාසය ගොඩ නැගිය නොහැක. 83 අවාසනාවන්ත සිද්ධිය සිදු වන කොට සමාජ මාධ්‍ය තබා රූපවාහිනි නාලිකාද තිබුණෙ නැති බව වටහා ගත යුතුයි.නොහැකියාවට බෙහෙතක් තවම සොයාගෙන නොමැත..
ප්‍රශ්නෙට නියම විසඳුම හොයන්නේ නැති මේ ආණ්ඩුව හැමදාම කරේ මේ වගේ මෝඩ වැඩ කරන එක තමයි.
අන්තවාදී සංවිධාන තහනම් නැත. ෆේස්බුක් තහනම්.
සිංහලෙන් අතීසාරෙට අමුඩ ගහනවා කියන්නේ මේකටයි
මේ ආණ්ඩුව තාම දන්නේ නැහැ ජනතා බලය කොතනද කියලා. හැමදේම දන්නා, කියන විදිහට සියල්ලදත්, හැබැයි එක වැඩක් වත් හරියට කර ගන්න බැරි කටමැත දොඩවන රාලලා ටිකක් 2015 ඉදන් මේ රට පාලනය බර අරන් මේ රට ගෙනල්ල තියෙන දුර හොඳටම ඇති.
අපිට දැන් සමාජ මාධ්‍ය විශ්වාසයි...
ඔච්චර තමා පුළුවන්.................
වීපීඑන් තියන හින්දා මිනිස්සු සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා..අවහිර කලා කියලා තේරුමක් නෑ. කවුරු වුනත් මෙච්වර දෙයක් වුනාම ඕනම දෙයක් සැකයෙන් බලනවා..මුස්ලිම් අයත් දේශපාලනයත් වගකීම් සහිතව ප්‍රකාශ නිකුත් කලා නම් මෙහෙම වෙන්නෙ නෑ.
ඕක කලාම සේරම හරි.
මේ ආණ්ඩුව හැම අංශයකින්ම අසාර්ථකයි.
කරන්න ඕන දේ පැත්තක. නිර්වත වහගන්නයි මේ දඟළන්නෙ
ඕනම දෙයක හොඳ නරක දෙකම තියෙනවා, අපි දැනගන්න ඕන හොඳ මොකක්ද? නරක මොකක්ද? කියල. මේ දැන් ඇතිවෙලා එහි ප්‍රතිඵලය තමා, මේවා සදාකාලේටම වහල දැන්මනන් හොඳයි. මේ එකදෙයක් විතරයි සියලුම චරිත ඝාතන බොරු කටකතාවලට , ප්‍රසිද්ධිය ට මේවා හොඳ තෝතැන්නක්.
රටේ සාමය කෙසේවෙතත් නායකයින්ගේ මෝඩකම ලොවට පෙන්වනවා මේ කරන දෙයින්...... මෙවැනි දෙයක් පාලනය කරගන්න බැරි උන් කොහොමද රටක් පාලනය කරන්නේ..... බලන් ඉන්න සදහටම මේ දේවල් අක්‍රිය කරයි මෙහි නිර්මාතෘ.....
ඒක හොදයි. ලංකාව වගේ රටකට මේවා අනවශ්‍යයි. හේතුව ලංකාවේ නුගත් වැඩි. ඒ අය මේවා වැරදී දේවල් වලට පාවිච්චි කරන්නේ ලංකාව 1940 තත්වයට තියන එක හොඳයි.
අපේ සමාජ ජාල භාවිතය නම් ඉතාම නරක විදියට තමය් සිද්දද්ධ වෙන්නේ. නිකමට වගේ youtube ගිහිල්ලා බලන්න, කට්ටිය ගහන අදහස්. හරිම සවුත්තුයි. දැන් ඕන රටක කෙනෙක්ට අපි දාන ඒවා translate කරලා බලන්නත් පුළුවන්. හොඳ සංස්කෘතියක් තියෙන රටක් විදියට අපේ සමාජ ජාල භාවිතය නම් අන්තිමයි. ඒ මදිවට ලංකාවේ මාධ්‍යය ක්‍රියාකරන ආකාරයත් හරිම ලැජ්ජා සහගතයි. අන්තිමට ඔක්කොම හිනා වෙන්නේ අපිටම තමා. එහෙම බලනකොට, block කරන එකත් එක විදියකට හොඳයි.
ලංකාවට පැවැත්මක් අවශ්‍ය නම් ඉන්න 225 ගැන නොහිතා විකල්පයක් සොයන්න සැමට ආරාධනා.
වීපීඑන් ඇප් ඒක දාගෙන යන්න පූළුවන් නේද? ආණ්ඩුව පිස්සු නටනවා. පාර්ලිමේන්තුවේ අයද මේ තීරණය ගත්තේ