(සුජිත් හේවාජුලිගේ)
පරීක්ෂණවලින් අනාවරණය නොවුණද කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ දිනපතා වාර්තා වන බවට අනුමාන කළ හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති.
ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යාහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මේ අතර වාර්තාවන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද ප්‍රකාශ කළේය.
දැනට දෛනිකව සෞඛ්‍ය අංශවලට වාර්තාවන්නේ ආසාදිතයන් 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් පමණකි.
COMMENTS
ඒත් තාම සමාජගත වෙලා නැහැ... කලබල වෙන්න එපා...
මාතර සමූපකාර රෝහලේ ඇන්ටිජන් ටෙස්ට් කරලා සල්ලි අරන් පොසිටිව් අය ගෙදර යවනවා. ඒවා සංඛ්‍යා ලේඛන වලට වැටෙන්නේ නැහැ. ගාණ ගත්තාම වැඩේ ඉවරයි.
පේන කාරයින් ඉන්නවා... ඕනෑ තරම්. ඒවුණාට කොරෝනා කියන්නේ මොකක්ද කියලා ලංකාවෙන් පරීක්ෂණයක් කළාද? අනුන්ගේ කොරෝනාවක් අල්ලගෙන බිල්ලෝ මවලා රටම කුලප්පු කරනවා... මීඩියා සංදර්ශන තිය තියා... හැමෝම පේන කිව්වට කෝ විසඳුමක්...?
දවසකට 3000ක් ආසාධිතයෝ... මේ විදිහට වැඩිකල් නොගොස් රටේ සියලු දෙනාටම හැදිලා කී දෙනෙක් මැරෙයිද? රෝගය හැදුණු අයට සංකූලතා සහ පසු බලපෑම්... මේවා බලන්නකෝ... ආර්ථිකය වගේද මේ හානිය...?
කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙන්න විසඳුම්...
මෙතුමන්ලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා මේ කරන කැපවීම.. වටිනවා. මොවුන් තමයි මේ වසංගතය පාලනය කිරීමේ මෙහෙයුම ඉතිහාසයට එකතු කරන සැබෑ වීරයෝ...