
(රංජිත් රාජපක්ෂ)
ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක (හගුරන්කෙත) ජයලත් දිසානායක මහතා අද( 23) දින උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හගුරන්කෙත පොලිසිය පැවසිය.
ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍යය සි.බි.රත්නායක මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුගේ රියදුරාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
සම්බන්ධිකරණ ලේකම්වරයාගේ රියදුරා වන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ජල සම්පාදන මණ්ඩල කාර්යයාලට (22) දින සිය පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු පැමිණෙන විට සි.බි.රත්නායක මහතාට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා උදව් නොකරන ලෙසට බැන වදිමින් ජයලත් දිසානායක මහතා පහර දුන් බව හගුරන්කෙත පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර තිබේ.
පහර කැමට ලක් වුවේ යැයි කියන ප්‍රගිත් අත්තනායක මහතා හගුරන්කෙත ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහුව මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හගුරන්කෙත පොලිසිය පැවසිය.
COMMENTS
හඟුරන්කෙතෙන් මහනුවරට මාරුකරලා එවන තරමට ගහලද? පුංචිබණ්ඩා ගහෙන් වැටිලා, කොන්ද කැඩිලා ඉස්පිරිතාලෙට ඇතුල් කළානම් ඔය ඉක්මණට මහනුවරට හෝ කොළඹට එවයිද?