IMG-LOGO

සාමකතා තෙවැනි වටයට සූදානම්

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, රුසියාවත් යුක්රේනයත් අතර තෙවැනි වටයේ සාම සාකච්ඡා හෙට (7) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුද ගැටුම් ඇවිලෙද්දී, බටහිර රටවල පෙළඹවීම මැද දෙපාර්ශ්වයේම කැමැත්තෙන් සාම සාකච්ඡා ආරම්භ විය. දෙවැනි වටයේ සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ පසුගිය තුන්වැනිදාය. පළමු සහ දෙවැනි සාම සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය.

පසුගිය තුන්වැනිදා පැවැත්වුණු සාම සාකච්ඡා අවසන් වූයේ යුක්රේන නගරවල සිවිල් වැසියන්ට ආරක්ෂිතව එම නගරවලින් පිටවී යෑමට 'මානුෂීය කොරිඩෝවක්' නිර්මාණය කර දෙමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියානු නියෝජිතයන් එකඟ වීමෙන් අනතුරුවය.

ඒ අනුව, යුක්රේනයේ මරියුපෝල් සහ වෙල්නොවාකා යන නගරවල පැය 5 කට පමණක් සටන් විරාමයක් ආරම්භ කෙරුණි. සටන් විරාමය පවතින එම කෙටි කාලයේ වහා නගරයෙන් පිටවී යන්නැයි රුසියන් හමුදා, මරිපෝල් සහ වොල්නෝවාකා වැසියන්ට දැනුම් දී තිබුණි. සටන් විරාමයේ කාලය අවසන් වූ සැණින් නගරවවලට දිගට හරහට පහර දෙමින්, ඒවා අත්පත් කර ගැනීමට රුසියන් හමුදා පැවැසීය. මරිපෝල් යනු යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන අතර රුසියන් හමුදා මේ වනවිට නගරය වට කර ඇත.

කෙසේ නමුත් සටන් විරාමය ප්‍රකාශයට පත් කර පැයක් පමණ යද්දී, එය බිඳ වැටුණි. ඒ, සටන් විරාමය උල්ලංඝනය කළේ යැයි යුක්රේනයත් රුසියාවත් එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් පසුවය. ඒ අනුව, යුද ගැටුම් මැද සිය ගණනක් සිවිල් වැසියන් නගර දෙකේ කොටු වී සිටින බවත් ඔවුන්ගේ ජීවිත අනතුරේ බවත් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන මාධයවේදීන්ට ද රුසියන් හමුදා වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

එම කෙටි සටන් විරාමය ඇතුළත වෙල්නොවාකා නගරයෙන් පිටවූ බව පැවැසෙන්නේ සිවිල් වැසියන් 400 දෙනකු පමණි. නගරයේ ජනගහනය 20,000 කි. සටන් විරාමය අතරතුරේ 15,000 ක් නගරයෙන් ඉවත් කර ගැනීම නගර බලධාරින්ගේ අරමුණ වී තිබුණි. වෙල්නොවාකා යනු ගිණිකොණදිග යුක්රේනයට අයත් කුඩා නගරයකි.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

සාමකතා තෙවැනි වටයට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1786 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site