
(*** ඉන්දිකා රාමනායක)
මත්කුඩු පැකට් මුඛයේ සඟවාගෙන යතුරු පැදියෙන් ගොස් කුඩු ජාවාරමේ යෙදුණු හිටපු හමුදා සෙබළෙක් මත්කුඩු පැකට් 15 ක් සමග වත්තල ලන්සියාවත්ත ප්‍රදේශයේ දී පෙරේදා (15) රාත්‍රියේ වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුඛයේ සඟවාගෙන සිටි මත්කුඩු පැකට් ගුලිය එකවරම ගිල දමා ඇති අතර පොලිසිය ඔහුට වමනය කිරීමට සලස්වා ගිල තිබු හෙරොයින් ගුලිය ඉවතට ගෙන ඇත.
සැකකරු ගිල දමා ඉවතට ගෙන තිබු මත්කුඩු ගුලියේ පැකට් 15 ක් තිබු බව පොලිසිය පවසයි.
සැකකරු කාලයක් තිස්සේ යතුරු පැදියකින් ගොස් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් මග රැක සිට සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගන්නා ලදී.
සීදුව ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි සැකකරු ඔහු ට්‍රේල් යතුරු පැදියෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි මත්කුඩු පැකට් මිලදී ගෙන එක් පැකට්ටුවක් රුපියල් 1500 ක මුදලකට අලෙවි කරන බව ද පොලිසිය පවසයි.
හමුදා සේවයෙන් ඉවත් කර ඇති අයකු බව කියන ඔහු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්නකු බව ද පොලිසිය සඳහන් කළේය.
වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂකවරුන් වන සිල්වා, කොඩිකාර, පොලිස් කොස්තාපල්වරුන් වන කපිල (88382), දුශ්‍යන්ත (89125) යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.