IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

(සිතුම් චතුරංග)

වවුනියාව බෝගස්වැව යුද හමුදා කඳවුර තුළදී සෙබළෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා සහ ගිනිඅවිය පැහැරගැනීමට හවුල් වූ පුද්ගලයා ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් එම්.රියාල් මහතා අද (26) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර  ගත කෙරුණේ පහලගම , මහඇළගමුව , කැකිරාව යන ලිපිනයේ පදිංචි බෝගස්වැව 07 වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළ නුවන් ශ්‍රීලාල් දිසානායක සහ අපරාධය සඳහා සහය වූ එම ලිපිනයේ පදිංචි නිලන්ත අජිත් ෆොන්සේකා නැමැති වඩු කාර්මිකයකි.

(25) වැනිදා අලුයම 04.00 පමණ සැකකරුවන් විසින් කඳවුරේ රාජකාරිය නිමාකර පැමිණෙමින් සිටි යුද හමුදා සෙබළෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඔහු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය හා ජීව උණ්ඩ 30 ක් සහිත මැගසිනය පැහැරගෙන ගොස් තිබිණි.

පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ බෝගස්වැව යුද හමුදා හත්වැනි සිංහරෙජිමේන්තුවට  අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි ආධුනික සෙබළෙකි.

සැකකරුවන් ගිනි අවිය පැහැරගැනීම සඳහා යුද හමුදා කඳවුර වෙත ඇතුළුවීමට පැමිණි ස්කූටර් වර්ගයේ යතුරු පැදියක්ද බෝගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාල ලැබූ සෙබළා පෙරදින තවත්  දෙදෙනකු සමඟ හමුදා කඳවුරේ පිටුපස පිහිටි කඳවුර ආරක්ෂක මුරකුටියේ රාජකාරී කර ඇති බවත් පසුව ඔහු විසින් රාජකාරී නිමාකර යළි හමුදා කඳවුර වෙත පාන්දර 04.00 ට පමණ පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර  ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

තුවාල ලැබූ සෙබළා යුද හමුදාව විසින් වන්නි යුද හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පිහිටි යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව යුද හමුදාව පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකාර හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයා අද (26) යුද හමුදා පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා බෝගස්වැව පොලිසියට භාරදී තිබේ.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ සැකකාර හමුදා සෙබලා පෞද්ගලික ආරවුලක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් මෙම ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බවට විමර්ශන වලින් අනාවරණය වූ බවයි.

පැහැරගත් ගිනි අවිය කැකිරාව මහඇළ ගමුව ප්‍රදේශයේ සතොස ගබඩා සංකීර්ණයක තිබී යුදහමුදා පොලිසියේ නිලධාරීහු විසින් සොයාගනු ලැබූහ.

සැකකරුවන් දෙදෙනා හමුදා කඳවුරට ඇතුලුවුයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බවත් පොලිසිය අධිකරණයට දැණුම් දුන්නේය.

 

 



අදහස් (1)

සෙබළාට පහර දී ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

hemantha Friday, 27 December 2019 06:04 AM

පසුගිය ආණ්ඩුව කාලේ මේ වගේ වැරදි කරපු හමුදා අය තමයි හිරේ දැම්මේ... නමුත් එ්කට දැන් බලයේ ඉන්න අය කීවේ රණවිරු දඩයම කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site