









(ඉෂාන් සංජීව)
අභාවප‍්‍රාප්ත, ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක සහ චිත‍්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.
ප‍්‍රවීණ ළමා කතන්දර ලේඛිකාවක සහ චිත‍්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වන විට 93 වන වියේ පසු වූවාය. දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පෙරේදා (30) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූවාය.
'සිබිල් නැන්දා' ලෙස ළමුන් අතර ප‍්‍රසිද්ධ වූ ඇය, පුදුම පළිඟුව (Wonder Crystal) ළමා කෘතිය අවසානයන් 20,000 ක් සහිතව රචනා කළේ ගිනස් වාර්තාවක්ද තබමිනි. ඇය රචනා කළ ළමා ග‍්‍රන්ථ ප‍්‍රමාණය 250කට අධිකය.
සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
COMMENTS
ඔබතුමියට නිවන් සුව අත්වේවා... !!!
ළමා කාලයේදී මාගේ ප්‍රියතම පොත වූයේ මෙතුමිය ලිව් "කුඩා හොරා".
අපේම නැන්දා නැතිවුණා වගේ... ඇස්වලට කඳුළු එනවා..
එතුමියට අජරාමර නිවන්සුවය අත්වේවා..!!!
"නැන්දා සිබිල් නම අපෙ හද තුළ රන්දා... කැන්දා කරුණාව පිරි ඇගෙ තෙලි තුඩ හින්දා ... වින්දා වෙහෙස අපමණ දරු කැල හින්දා ... කැන්දා නෙතු අගට කඳුළැලි ඉකිබින්දා ... "
යන්නම ඕනේ, ගිහින් ගෞරව කරන්නම ඕනේ, අන්තිම වතාවටත් මුහුණ දකින්නම ඕනේ ලංකාවේ අග්‍රගන්‍ය ළමා කතන්දර ලේඛිකාවකගේ අවමංගල්‍යයක්... නමුත් යන්න විදිහක් නැහැ. සිබිල් නැන්දාගේ අභාවය ගැන හරිම කණගාටුයි. ඒ වගේම සිබිල් නැන්දා වැනි ජාතික සම්පතක් රටට අහිමි වෙනකොට ඒ මඟ යන්න ළමා හෝ වැඩිහිටි පරපුරක් හදපු නැති සිංහල අධ්‍යාපන ක්‍රමය ගැන ඊටත් වඩා කණගාටුයි. සිබිල් නැන්දාගේ පොත්වලින් මතකම පොත තඹයා පොත. ඊට බොහෝ කාලෙකට ඉස්සර ලියලා තිබ්බ කුඩ හොරා පොතත්, සූත්තර පුංචා පොතත් හැමදාටම හුඟක් ජනප්‍රිය වුණු පොත්... සිබිල් නැන්දාගේ අපූරු වෙනස් ආරක චිත්‍ර ලෝකේ පුරාම ජනප්‍රිය වුණා. ඇයට හිමි ගෞරවය සහ ඇගැයීම ලංකාව දුන්නද කියන එක ප්‍රශ්නයක්...
ලංකාවේ ආදරය හඳුනන, දරුවන්ගේ ලෝකය හඳුනන කාගේත් නැන්දා.. ඔබට නිර්වාණ සම්පත්තිය ලැබේවා.. සුබගමන් ආදරණීය නැන්දේ...
සිබිල් වෙත්තසිංහ මැතිණිය තම ජීවිතය මුළු මහත් දරු පරපුර වෙනුවෙන්ම කැපකල ශ්‍රේෂ්ඨ කාන්තාවකි. එතුමියගේ ලේඛන කලාව, චිත්‍ර කලාව ගැන ලොව දැක්වූ ප්‍රතිචාරය සුළුපටු නොවේ. කලාව මිනිසාගේ යහපත වෙනුවෙනි... යන දාර්ශනික මතය එතුමිය මොනවට පැහැදිලි කර ඇත. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් වර්තමානයේ සැබෑ කලාව නොදත් වෙනත් අංශයක ස්වල්ප දැනුමක් ඇති සමහර දෙනා තමන් නොදත් කලාව බාල්දු කළ අවස්ථාවක් ගැන මේ තීරයේ දුටුවෙමි. ඒ ගැන යමක් නොකියා බැරිය. චිත්‍ර මූර්ති, සාහිත්‍ය නිර්මාණ, ගීත, කවි, පුවත්පත් ලිපි හා විශේෂාංග ඇතුළු බොහෝ අංශ සැබෑ කලාවට ඇතුළත් වෙයි. ලියෝ ටෝල්ස්තෝයි, ඇරිස්ටෝටල් ඇතුළු ලොව මහා දාර්ශනිකයින්, පඬිවරුන් කලාවෙහි අගය මොනවට පැහැදිලි කොට ඇත. ඒ ගැන නොදන්න අඳබාලයන් තමාගේ මෝඩකම ප්‍රදර්ශනය කොට කලාවට සංවේදීකමට කවියට සමච්චල් කොට තිබූ බව දුටිමි. පිරුණු කල මේ ලෙස හෙලවෙන්නෙ නැති බව ප්‍රඥාවන්තයින් දනිති. නිසල ගැඹුරු මුහුද බොහොමත්ම නිශ්චලයි. එහි ගැඹුර කෙතරම් ද යන්න දත හැක්කේ කිමිදුම්කරුවෙකුට පමණයි. එහෙත් ගොඩ රළ තොරතෝංචියක් නොමැතිව හෝ හෝ ගානු පෙනේ. ස්වල්පයක් දැනගත් තැනැත්තාද ගොඩ රළ මෙනි..
කවදාවත් ලංකා ඉතිහාසෙය් අමතක නොවන නමක් වෙනවා අනිවාර්යයෙන්ම... මම මුලින්ම කියවපු ළමාකතාව වුණේ සූත්තර පැංචා. හරීම ලස්සනයි ඒ කතාව. ඔබතුමියට නිවන්සුව ලැබේවා...!!!
ඒ කාලයේ චුටියි අපි එතුමියගේ චිත්‍ර පත්තරවලින් බලලා ඒවා ... ටිෂු පේපර් එකකින් කොපි කොට අපේ පොත්වල ඇඳගන්නවා ...හරියට අපි ඇන්දා වගේ. බොහොම ආඩම්බරයෙන් යහළුවන්ට පෙන්වනවා. සිබිල් නැන්දාගේ මම බොහොම ආසාවෙන් කියවපු එක පොතක් තමයි " කුඩ හොරා ". ඒ පොත භාෂා ගණනකට පරිවර්තනයවී ලෝකයේ විවිධ රටවල වෙසෙන දරුවන් මිලියන ගණනකගේ සිත්සතන් පිනවුවා. එතුමිය ලැබූ සම්මාන කොපමණද දන්නේ නැහැ. නමුත් " ගොඩාක් .." ..!!! එතුමිය පොඩ්ඩන් සහ පොඩ්ඩියන් වෙනුවෙන් ලියු පොත් ගොන්න... චුටි පරම්පරාවට පුජා කළා කිවොත් නිවැරදියි. මොකද" පුජා" කරනවා කියන්නේ උත්තරීතර හැඟීමකින් යමක් පරිත්‍යාග කිරීමක්. ඇයගේ ඒ උත්තරීතර ප්‍රාර්ථනාව වුයේ රටට වැඩදායක දු පුතුන් රැසක් හැදීමයි. ඔබතුමිය දිව්‍ය ලෝකයේ ගිහිල්ලත් චිත්‍ර අඳියි. දෙවියොත් හොල්මන්වෙයි ඔබතුමියගේ චිත්‍ර බලලා. ආදරණිය " සිබිල් නැන්දේ "... නිවන් දකින්නට කලින් ආයෙත් එකම එක වතාවක්වත් මෙහෙ ඇවිත් තවත් කතන්දර ටිකක් අපේ පොඩිත්තන්ට කියලා දීලා යන්න. ඔබතුමියට උතුම්වූ නිවන් සුව ප්‍රර්ථනා කරන්නම්...!
මගේ අදහස නම් සිබිල් නැන්දාව ගේන්ට ඕනේ නිදහස් චතුරශ්‍රයට හෝ කළා භවනට එතරම්ම සොදුරු ලෝපතල අසහාය ශ්‍රී ලාංකික පොඩිත්තන් වෙනුවෙන් තම ජිවිතයම කැපකළ අගනා පුරවැසියෙක් ... ඔබේ පැතුමට අනුව ඔබේ ආත්මය ආකාසේ පාවී පාවී තිබේවා ...!!!
කිසියම් කාරණාවක් නිසා මට මෙතුමියගේ ළමා පොත් පත්, බොහෝ සෙයින් කියවන්නට අවකාශයක් නොලැබුණත්, මම එතුමියට බොහෝසේ ගරු කරමි... මම එතුමියට නිවන් සුවය පතමී...
ලස්සන කවියක් සමිත. එ්ත් ඉතින් මට කවි බැහැනේ... කවි ලියනවා කියන්නේ එසේමෙසේ වැඩක් නොවෙයි. වැරදිලාවත් දවසක මම කවියක් ලිව්වොත්... මේ පිටුවේ ඉන්න ඔක්කොම.. නහයත් වසාගෙන, සමහරවිට වමනෙත් කරලා... පිටුවත් අතහැරලා යන්න යයි. එතකොට කවුරුත් එන්නේ නැතිවෙයි. අවුරුදු 15ක් විතර මම එහෙන්, මෙහෙන්, දුවපැන, හිනාවෙමින්, දඟ කරමින්.. මගේ ගෙදර වගේ හිටි ඔන්ලයින් පිටුවට එහෙම වෙන්න දෙන්න බැහැ. ඒ නිසා මම කවි ලියන්නේ නැහැ.