IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සැප බස් රථ 100 ක සේවාවක් ළඟදීම

(ජයන්ත සමරකෝන්)

කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාවක් ළඟදීම ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25) පැවසීය.

පෞද්ගලික වාහන මගින් රාජකාරී සඳහා නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුවට විශේෂයෙන් මෙම බස්රථ සේවාව යොදවන බවද පෞද්ගලික වාහන 70,80 ක පමණ පිරිසක් මෙම එක් බස් රථයක රැගෙන යා  හැකි බවද ඒ මහතා කීය.

ගුවන්තොටුපලවල යොදවා ඇති අභ්‍යන්තර බස්රථ සේවාවට සමාන මෙම බස්රථවල මගීන් වැඩි පිරිසක් හිටගෙන යා හැකි අතර ආබාධිත පුද්ගලයින්ට සිය රෝද පුටු මගින් මෙම බස්රථවලට ඇතුල්විය හැකි බවද හෙතෙම සදහන් කළේය.

මෙම රක් බස්රථයක් රුපියල් මිලියන 100 කට වැඩි බවද සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් මෙම බස්රථ සඳහා අයකරන බවද ඔහු කීවේය.

මෙම සැලැස්ම රජයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇතැයි ද එම සංගමය පවසයි. සාමාන්‍ය බස් රථ සේවාවට අමතරව සෑම මාර්ගයකම සුඛෝපභෝගී බස්රථ 10% යොදවන බව සංගමය සඳහන් කළේය.



අදහස් (12)

සැප බස් රථ 100 ක සේවාවක් ළඟදීම

thushara Monday, 28 September 2020 09:48 AM

70ක් 80ක් සෙනග පටවලා බහුතරය හිටගෙන යනවනම් ඒක සුඛෝපබෝගී බස් එකක් වෙන්නෙ කොහොමද?

:       0       32

තුෂාර වීරක්කොඩී Monday, 28 September 2020 09:50 AM

බස් රථ ඵකක් රුපියල් මිලියන 100 විය නොහැක. එසේ වුවහොත් මෙම සේවාව ලබාදීමට රජය මුදල් ආධාර ලබාදීමට සිදුවනූ ඇත.

:       0       15

Roshan Monday, 28 September 2020 10:26 AM

ඉතා හොඳයි. ක්‍රමානුකූලව ඉන්දියානු බස් රථ ඉවත් කරන්න, යුරෝපයේ මෙන් අනාගතයේ දී අපට ඉතා හොඳ බස් රථ තිබිය හැකිය.

:       1       18

දිමුත් Monday, 28 September 2020 10:29 AM

මිලියන 100යේ බස්රථ??

:       0       16

Indhika Monday, 28 September 2020 12:00 PM

මිලියන 100 එ්වා 100ක් පිටරටට දෙන්න වෙනවා නේද? ඊට වඩා හොඳ නැද්ද JICA එකේ ට්‍රේන් සිස්ටම් එක කළානම්...? මට පෙනෙන්නේ මෙයාලත් ඉන්නවා වගේ JICA එක කැන්සල් කරපු එක පිටි පස්සේ...

:       1       25

Kamal KoyralaTuesday, 29 September 2020 05:42 AM

ජෙයිකා කොමිස් නැහැ 1% පමණයි පොලිය, වියත් අදහස් දැන් ක්‍රියාත්මක කරන්නේ.

:       0       1

හේරත් Monday, 28 September 2020 12:42 PM

අයියෝ අයියෝ... කවුද මේ තීරණ ගන්නේ? මාර්ග "තදබදයට" සුඛෝපබෝගි බස්රථ දාලා හරියනවද? මාර්ග තදබදය එකක්, ප්‍රවාහන පහසුකම් සුඛෝපබෝගි කරනවා කියන්නේ තව එකක්...!!!

:       2       14

Ruwan Karunachandra Tuesday, 29 September 2020 02:24 AM

175 - කොල්ලුපිටිය සිට කොහිලවත්ත මාර්ගයටත් බස් දෙකක් විතර දාන්න.

:       0       0

rana Tuesday, 29 September 2020 03:26 AM

හේරත්, අනේද කියන්නේ..! කාට කියන්නද?

:       0       0

Kamal Koyrala Tuesday, 29 September 2020 05:50 AM

සෑම දේම දේශීයව කරන නිසා මයික්‍රෝ සහ තන්ත්‍රී කෝච්චි පෙට්ටි දේශීයව කරන්න බැරි ඇයි, මේවා විසඳුම් නොවේ ජනතා මුදල් ගැහිලි.

:       0       1

Prabha Tuesday, 29 September 2020 11:07 AM

මොන බස් ගෙනාවත් වැඩක් නැහැ, එලවන අය.?

:       0       0

de silva Thursday, 01 October 2020 09:56 AM

0.01% පොලියට සහනදායක ණය ක්‍රමය යටතේ, ලංකාවට ලැබුණු සැහැල්ලු දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීම අත්හිටවූයේ කුමන ප්‍රශ්න නිසාද යන්න.. රජය ජනතාවට හෙළිකළ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 702 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 533 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2191 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2200 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 231 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2636 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site