(නිමන්ති රණසිංහ)
නිරෝධායන නිති උල්ලංඝණය කර කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයට එක් වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පිරිස මේ වන විට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි.
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් ඉකුත් 30 වැනිදා රාතී‍්‍ර කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන් දින සාදයකට සහභාගී ව සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මිට පෙර මුදා හැරියේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
"නීතියේ නව නැම්ම" සල්ලිකාරයාට ඇප. දුප්පතා දවස් 14 ක් කන්දකාඩු.. අහෝ ශ්‍රී ලංකා...!!!
අතුල, හැබෑට ඔය කන්දකාඩු කියන්නේ ඇත්තටම හිර ගෙදරක් වගේ තැනක්ලු. බොන්න වතුරවත් නැහැයිලු. කන්න දෙන්නෙත් හිර ගෙදර වගේලු. මේවාගේ තැන්වලට ජාත්‍යන්තර මානව හිමිකම් නිලධාරීන් යවලා මේ බව ලෝකෙටම පෙන්වන්න ඕනෑ. මට හිතෙනවා නිරෝධායනයට එහෙ ගිහින් ඔක්කොම රහසින් වීඩියෝ කරලා නෙට් එකට දමන්න...
පුළුවන් තරම් ඉක්මනට ඇප දෙන්න. වැඩිය රස්තියාදු කරන්නේ නැතිව..!!!
මේ නිරූපණ ක්ෂේත්‍රය යැයි කියා ගන්නා සෙට් එක ඉන්නේ පුදුම අසහනයකින් කියලා පේනවා. අර එක්කෙනෙක් හිරබත් කන්න බැරුව ජනාධිපති සමාව ඉල්ලනවා.. මොකද මෙයාලාගේ පැවැත්ම තියෙන්නේ මේකප් උලාගෙන කැමරා ඉස්සරහ පේන්න හිටියාම... මානසික ලෙඩ්ඩු ටිකක් තමයි මේ..
රජවරු වගේ ඇදගනෙ බොරුවනේම ජිවත්වනෙ පිරිසක්
සාදයට ඉඩ දුන්නාට හෝටලේට නඩු නැද්ද? එයා යාලුවෙක්ද? අර සම්මන්ත්‍රණ තිබ්බේ...!!!
මෝස්‌තර නිරුපණ? මොඩල්? මේ විෂයයන්ගේ තේරුම දැන ගෙනද මේ වචන පාවිච්චි කරන්නේ?
සුබ උපන් දිනයක් වේවා..!!!
හොඳ වෙලාවට රන්ජා ඇතුලේ ඉන්නේ. නැතිනම් රන්ජත් පාටියට එනවා..
"විනිසුරුවෝත් මනුස්සයෝය" කියලා කවුදෝ ලියලා තියෙනවා දැක්කා. මොකද දන්නේ නෑ.
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය හැර අනික් 6 නා ගේ නමුත් සඳහන් කරන්න.
සල්ලි තිබෙනවාද කිලා අපිට ප්‍රශ්නයක් නැහැ.. කොරෝනා බෙදන අය එකෙක් අසුවුණත් ඇති. මොකද එයත් පොකුරක් ඇති කරන්න හොඳටම ප්‍රමාණවත්. නිරෝධායනය කළ නිළිය අලුත් පොකුරක හොඳ බීජයක් වෙන්න පුළුවන්...