(මනෝප‍්‍රිය ගුණසේකර)
රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන් වලට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී.
මෙම අපරාධ සිද්ධීන් විශේෂ අපරාධ සිද්ධීන් ලෙස සළකා එම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මීට පෙර අවස්ථාවක කරන ලද ඉල්ලීම් පිළිගනිමින් අදාළ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 09 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකොන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.
COMMENTS
මේ තනන්නේ වැරදිකාරයන් සුදනන් කරන්නද, නැත්නම් දඬුවම් දෙන්නද?
දැන් ඉතින් නැවත වතාවක් "රණවිරුවන් දංගෙඩියට ගෙනයනවා" කියන කලින් පට්ට ගහපු කතාව වේදිකාවල නින්නාද දෙන්න පටන් ගනී.
අණ බෙරගහලා පටන් ගන්නේ... විනිසුරු මඩුලු 3ක් පත්කෙරුවා කියලා නඩුව අහන්න. දැන් අවුරුදු 4 ඉවරවේගෙන යන්න පටන්ගත්තේ... අවුරුදු 3කට උඩදී මල්වෙඩි පත්තු කරලා දූෂිත හොරුන්, මිනීමරුවන් අල්ලන විදියට ජනතාව රවටන්න කරන නාඩගම්... අද මේ වැරදි පොඩි මිනිහෙක් කෙරුවා නම් අද ඒ මනුස්සයා ඇතුලේ... පුදුම විනිසුරු මඩුල්ලක්. මිනිසුන් අධිකරණයට අත කෙලින් තියන් දිවුරුම් දෙනවා... කිසිම බොරුවක් නොකියන බවට නමුත්... මේ විනිසුරුවන් නිර්භීතව නීතියට ගරු කරමින්, උස මිටි පහත් භේදයක් නැතිව, නඩු විසඳනවද මේ රටේ...? අධිකරණ බලයක් නැති රාජපක්ෂවරුන්ට ඕනෑ විදියටද? නඩු අහන්නේ, දැන් මොකද? එක පාරටම කුලප්පු වෙලා...
බැසිල් රාජපක්ෂව ඇම්බියුලන්ස් එකෙන් බිමට බස්සව ගන්න බැරිව ගිය නුඹලාට මොන නඩුද? ඡන්දෙ කාලෙට නැට්ට උස්සගෙන බුරන්නේ නැතිව ඉන්න..
ඔය නඩු 3 නටම සම්බන්ධ ප්‍රධාන චූජිතයාව ජනපති අපේක්ෂක ලෙස පත්කරගෙන නේද? වසලැජ්ජයි.
උසේන් බෝල්ට්ගේ මීටර 100 රෙකෝඩ් එකත් කඩයිද දන්නේ නෑ මේ පාර නඩු අහලා. ඡන්දයකට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද ? එත් කමක් නෑ අපේ හොරු කෙසේ වෙතත් අනුන්ගේ හොරු හරි අල්ලනවනම්..
පාස්කු 21 ප්‍රහාරය කරපු අයට, මේවා අදාල නැද්ද? ඒවා සුළු වැරදිද? කංචිපානි කළාවගේ "සුළු වැරදිද?"
එක්නැලිගොඩ මැරුණා කියලා දැන් අවුරුදු ගාණක් තිස්සේම කියනවා. මට මතක්වෙනවා එක විනිසුරුතුමෙක් උසාවියේදී කියනවා මිනිහෙක් මැරුවා නම් මරපු කෙනෙක් ඉන්නට ඕනේ... දැකපු කෙනෙක් ඉන්නට ඕනේ.. මිනියක් තියෙන්ට ඕනේ, වලලපු තැනක් තියෙන්නට ඕනේ, වලලපු කෙනෙක් ඉන්ට ඕනේ, මේ කිසිම දෙයක් නැතිව පොලීසිය නඩුවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා මට පුදුමයි කියලා. මේ නඩුවෙන් අවසානේ වැරදිකරුවන් නිදහස් වෙනවා සාක්කි ඔප්පු කරන්නට බැරි නිසා. එක්නැලිගොඩගේ නෝනාට සහ දරුවාට වූ වැරැද්ද කවුද හරිගස්සන්නේ...?
බුදුඅම්මෝ, ජනාධිපතිවරණය කිට්ටු වෙන්න වෙන්න නඩු ඉක්මන් වෙන හැටි...
අවනීතිය රජයන රටක්.. කාට කියන්නද?
අපි කුලප්පු නොවී බලා ඉඳිමු. ප්‍රමාද වෙලා හරි හොඳ තීරණයක් වෙන්න පුළුවනි. "බලාපොරොත්තුවක් අපට තිබේ"
දැන් තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ ....
නාගානන්දගෙ කණ්ඩායම තමයි මේවට උත්තරේ.