
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මිල පිළිබඳ ගැටලුවක් නිසා ලාෆ්ස් සමාගම සැපයුම් සීමා කිරීම නිසා පාරිභෝගිකයන් බරපතළ පීඩාවකට පත්ව ඇතැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර වෙනම ආයතනයක් පිහිටුවා ඇති බවත් ලංකාවට අවශ්‍ය ගෑස් මිල දී ගැනීම එම ආයතනයට පවරා ඇති බවත් දිසානායක මහතා මෙහිදී පැවැසීය.
මෙම ක්‍රියාමාර්ගය කැබිනට් අනු කමිටු තීරණයට පටහැනි එකක් බව සේවකයන් පවසන්නේ යැයි සඳහන් කරන මන්ත්‍රීවරයා එම නව සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනම රැස්වී අද තීන්දු කරමින් සිටින බවද සඳහන් කළේය.
ගෑස් සැපයුමේ පෞද්ගලික ඒකාධිකාරියක් නිර්මාණයවීම නිසා ලිට්රෝ ගෑස් සමාගමේ වෙළෙඳපොළ ස්වාධීන පැවැත්ම අවදානමට ලක් වන බවද ඔහු කීවේය.
කැබිනට් අනු කමිටුවේ තීරණයට පිටින් මෙම තීන්දුව ගත්තේ කවුදැයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
එසේම මෙම තීරණය හේතුවෙන් ලිට්රෝ සමාගමේ පැවැත්ම අවදානමක ලක් නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක් දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
COMMENTS
දූෂිත, හොරකම්, මංකොල්ල කෑම් නොකල සුදනෙක් මෙසේ කියයි.
මිල ගැටළුක් වෙන්නේ කෙහොමද සහෝදරයා එයාලට විතරයි මිල වැඩි කලේ. මේක වෙනත් ගේමක්.
කබලෙන් ලිපට වැටුනට අවුලක් නෑ, ගෑස් නැත්තං ගින්දර නෑනෙ පිච්චෙන්න ඉතිං
හලෝ ඒවා පෞද්ගලික කොම්පැනි වැඩිපුර සපයනවාද අඩුව සපයනවාද කියන එක තීරණය කොරන්නේ රජය නොවෙයි කොම්පැනියේ ඩිරෙක්ටර් බෝඩ් එක. කොම්පැනිය වසා දැම්මොත් ඔහෙලා මොකද කරන්නේ? සේවකයින්ගේ උවනාවට කොම්පැනි දුවන්නේ නැත. මුලික අවශ්‍ය තාවය ජනතාවට ගෑස් සැපයීම නම් එය කොහොම සිදු උනත් කමක් නැත. හඳෙන් හරි හාල් ගෙනත් දෙන්න ලැහැස්ති උනාම පාර්ලිමේන්තුවේ මීක් කිවීවේ නැති මේ ගොයියෝ දැන් ඒකාබද්ද කොම්පැනියකින් ගෑස් සැපසීම කතා කොරනවා.
ජීවත් වෙනකොට විකල්ප් ගැනත් හිතන්න. එසේ නොසිතා වැඩකරන මිනිස්සු අමාරුවේ වැටෙනවා. ගෙදරක වෙනත් වර්ගයක ගෑස් සිලින්ඩරයක් තියා නොගන්න මිනිස්සු කාර් එකේ අතිරේක රෝදය නම් තියාගෙන ඉන්නවා.
ලැබෙන පඩියත් පක්ෂෙට දීලා ළමයි ස්විට්සර්ලන්තේ තියා ගෙන මෙයත් සැපට ඉන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. ඒ ඊර්ශාවට නොවෙයි, අපිත් ඒ ක්‍රමය ඉගෙන ගත්තොත් තාප්පවල පෝස්ටර් අලවා තාප්ප කැත කොරන්නේ නැතුව අපිත් සැපට ඉන්න.