(චාපා මධුභාෂිණී)

අඹගස්වැව යාය 11 යටිනුවර ප්‍රදේශයේ මාර්ගය දැඩිලෙස අබලන්වීම හේතුවෙන් ඒම මාර්ගය භාවිතා කරන මගීන් සේම පාසල් දරුවන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.

පවුල් 25 පමණ භාවිතා කරන මෙම මාර්ගයේ වැසි දියන්හි මාර්ගය භාවිතා කළ නොහැකි තරමටම මඩවී ඇති බව ගම්මුන් චෝදනා කරති.

තවද මෙම මාර්ගය උදේ සවස භාවිතා කරන පාසල් ළමුන් තම පාවහන් ගලවා අතේ රැගෙන ගොස් පාසල ආසන්නයේදී ඇළකට බැස මඩ සෝදාගෙන නැවත සපත්තු දමාගෙන යාමට පුරුදු වී ඇති බව ඒහි ගිය අපට දැකගත හැකි විය.