
(ටී.කේ.ජී.කපිල)
රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - V " එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
මුලින්ම රුසියාවේ ස්පුට්නික් - V එන්නත් තොගය , රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව එම එන්නත් තොගය එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලුයම 01.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මෙම " ස්පුට්නික් - V " එන්නත් තොගය , මහනුවර ප්‍රදේශයේ , එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති ජනතාව වෙත ලබා දීමට නියමිතය .
COMMENTS
ලක්ෂ්මන් කිරිඇල්ල නිෂ්පාදන නවතා දැමුවයි කියපු සමාගම එන්නත් නිෂ්පාදනය නැවත අරඹලාද? ඕනෑම ගොනෙකුට ප්‍රකාශ නිකුත්කළ හැකිය, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.