IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ස්පුට්නික් එන්නත් කිරීම ඇරඹේ

(රංජන් කස්තුරි)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම අද (6) පෙරවරුවේ ආරම්භ කෙරි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ.

රුසියාවේ ගැමීලියා සමාගමේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු කාණ්ඩය ලබාදීම අද පෙරවරුවේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මාදින්නා ගොඩ පුරාණ රාජ මහා විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ.

වසරක් ඇතුළත ස්පුට්නික් එන්නතත් ලක්ෂ 65ක් මෙරට ජනතාවට ලබාදෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ස්පුට්නික් එන්නතේ ලක්ෂ 130ක් මේ වසර තුළදී ශ්‍රී ලංකාවට ලැබෙන බවද මහාචාර්ය දන්න ජයසුමන මහතා කීය.

(ඡායාරුප ශාන්ත රත්නායක)

 



අදහස් (7)

ස්පුට්නික් එන්නත් කිරීම ඇරඹේ

siri Thursday, 06 May 2021 10:56 AM

ලෝකයේ හැම රටකම හදන එන්නත් වැඩකරනවාද කියල බලන්නේ ලංකාවේදී වගෙයි පෙනෙන්නේ...

:       71       11

samanThursday, 06 May 2021 01:41 PM

ඇත්ත. ඕවා ඔක්කොම දෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට. දේශපාලකයෝ ඔක්කොම විශ්වසනීයත්වයෙන් වඩා ඉහළ එන්නත් ලබාගෙන ඉවරයි.

:       28       4

SLThursday, 06 May 2021 02:23 PM

ස්පුට්නික්, සිනොවැක් ලෝකේ ගොඩක් රටවල භාවිතා කරනවා. එ්ක බෙහෙතක් හදන්නේ නැති හදන්න බලන්නේ නැති අපේ වයිරස් පප්පල පොර ටෝක් නම් දෙනවා. එංගලන්තේ උන්ගේ එන්නත් හදාගෙන ගොඩ ගියා. චීනේ උන්ගේ ම එන්නත් හදාගෙන ගොඩ ගියා. රුසියාවත් උන්ගේම ඒවා හදාගෙන ගොඩ ගියා.. අපේ උන් ...අනුන්ගේ බෙහෙත් වල ඇද හොයනවට අමතර ව ලංකාවේ එකෙක් බෙහෙතක් හදන්න උත්සාහ කලත් චප්ප කරලා දානවා. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු කුහක බාගෙට උගත්තු !!

:       6       40

siriThursday, 06 May 2021 09:07 PM

' ස්පුට්නික්' එන්නත නිෂ්පාදනය කිරීම බාරගන්නට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් තිබුණා. නමුත් අපේ මෝඩ දේශපාලකයින්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා ඒ අවස්ථාව ඉන්දියාවට ගියා. ඉන්දියාව දැන් ඇස්ට්‍රා සෙනෙකා සහ ස්පුට්නික් එන්නත් වගේම වෙනත් සමාගම්වල එන්නත් වර්ග කිහිපයක්ම නිෂ්පාදනය කරනවා. සාක්කුව නොව රට ගැන කල්පනා කරලා මේ අවස්ථාවෙන් හරි ප්‍රයෝජනයක් ගත්තා නම් අපේ රටත් ගොඩේ ගොඩ යාලුවා. අප දන්නා තරමට නම් චීන එන්නත් තවම ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ යුරෝපා සංගමය අනුමත කර නැහැ. අපේ රටට නිකන් දෙන්නේ ඒවා වැඩකරනවද කියා සොයා බලන්න වෙන්න බැරි දැයි කියන්නේ ඒ නිසයි...

:       0       0

nalin Thursday, 06 May 2021 11:24 AM

ජයසුමන කියන එව්ව නම් විශ්වාස කරන්න බෑ. එයා කිව්ව මැයි අග වෙනකොට ලංකාව වැක්සින් කරල ඉවරවෙනවා කියල. ඉතින් එහෙම බොරු කියන කෙනෙක් විශ්වාස කරන්න බෑ ..

:       32       17

Joliya Thursday, 06 May 2021 12:43 PM

ජය සුමන් නම් තවත් චක්‍රවර්තී කෙනෙක්. එබැවින් ඔහු කියන දින වකවානු නම් කිසිම විශ්වාසයක් නෑ . කෙසේවෙතත් මේකට එකම විසදුම එන්නත් කරනය. එබැවින් රජ බොරු සොබන හා බයිලා කාරයො අයින් කරලා ප්‍රැක්ටිකල් මිනිස්සුත් එක්ක ඉලක්කයක් සහිත වැඩ පිළිවෙලකට යා යුතුයි.

:       7       22

[email protected] Friday, 07 May 2021 01:14 AM

අපි ජිම් ගිහින් ඇග හදාගමු යාලුවනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 588 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site