(ඩබ්ලිව්.ඩී.ඵමි විතානගේ සහ සුදත් පුබුදු කීර්ති)

අමානුෂික ලෙස ඝාතනය කර බෑගයක දමා සපුගස්කන්ද කසල ගොඩට ගෙනත් දමා තිබූ කාන්තාව  පැළඳ සිටි රන් ආභරණ,මුදල් ,ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගහ හා මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථය ද  සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

මේ ඝාතනය සම්බන්ධව අත් අඩංගුවට ගත්  අඹුසැමි යුවළගෙන් ලබා දුන් ප්‍්‍රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක් , රන් කරාබු ජෝඩුවක් හා රන් මුද්දක් සැකකාරිය විසින් කොළඹ , හෙට්ටිවිදීයේ රන් ආභරණ සාප්පුවකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා තිබෙන අතර ඒවා ඔවුන් විසින් උණු කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.

මීට අමතරව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය  මට්ටක්කුලිය , සමිට්පුර ප්‍්‍රදේශයේ කාන්තාවකට දී තිබී සොයා ගෙන ඇත.