(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සේනා දළඹුවා මර්දනය කිරීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා තමන් මෙතෙක් ගෙන ගිය වෘත්තීය ක්‍රියා මාර්ග අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය පවසයි.
එම සංගමයේ සභාපති පී. එස්. එන්. පතිරන මහතාගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.
බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව තම සංගමය වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටි බවත් මේ වනවිට රටේ උද්ගතව පවත්නා ප්‍රධාන කෘෂිකාර්මික ගැටළුව වන සේනා දළඹු වසංගතය මර්දනය කිරීම විශේෂ අවශ්‍යතාවයක් සේ සලකා කරුණු කිහිපයකට යටත්ව තම ක්‍රියාමාර්ග අත්හිටුවන බවත් මෙම නිවේදනයේ සඳහන් වේ.
පාලනාධිකාරිය විසින් තම සමාජිකයන් වෙත අනවශ්‍ය බලපෑම් නතර කළ යුතු බවද බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි කිරීමට අලුතින් තොග භාර නොගන්නා අතර තනතුරට අදාළ ව්‍යවස්ථාවේ නිර්වචනය කර ඇති කාර්යන්ට අනුකූල රාජකාරි පමණක් ඉටු කරන බවද එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලාට ලෙඩ්ඩු වගේ මෙයාලාට සේනා දළඹුවා..
අප ඔබලාගේ තීරණය අගය කරන්නෙමු. අප කිසිඳු පක්ෂයකට වර්ණ ආලේප කරනවා නොව සේවය අවශ්‍ය මොහොතක එසේත් නැත්නම් අමාරු අවස්ථාවක තම තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට වර්ජන කරන්නේ නම් එය බොරදියේ මාළු බෑමක් යයි නොකියන්නේ කවුරුන්ද? කාරුණිකව තමන්ගේ යුතුකම් හරියාකාරව ඉටු කරන්න. ඔබලාගේද ඉල්ලීම්වලට මහජනතාවගේද උදව් ලැබෙනු ඇත. කිසිදු කාලකන්නි පක්ෂයක ගොට්ටන් නොවෙන්න.
පාර්ලිමේන්තුවේ ඉන්න සෙනා දළඹුවෝ 224 විනාශ කරන්න ගහන වස හොයන එක ඊට වඩා අමාරු ක්‍රියාවක්..