
(මනෝප්‍රිය ගුණසේකර )
ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
මෙම වංචාව නිසා ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මෙම පෙත්සමක් ඉදිරිපත් කෙළ්ය.
මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවනට එරෙහිව නීතියානු කූලව පියවර ගන්නැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පෙත්සමෙන් ඉල්ලයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් මෙම පැමිණිල්ල ගොනු කලේය.
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට අද පැමිණිල්ලක් ගොනු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් මෙම පැමිණිල්ල ගොනු කලේය.


COMMENTS
මේ රටේ ඉන්න අයට වංචාව ගැන තේරෙන්නේ නැහැ.. සුනිල් සහෝදරයා. මේ අය දන්නෑ බැඳුම්කරේ, බැඳුම්කරේ කිය කියා බෙරිහන් දෙන්න විතරයි. මුලින්ම බැඳුම්කරෙන් හොරකම් කළේ කවුද කියලා ඇහුවොත් ඒක දන්නෙත් නැහැ. උම්බෑ කියන්න විතරයි ඉගැන්නුවේ.
පැමිණිල්ල වැරැදිකාරයා වෙලා නවතින නඩුවක්..
නීතිපති මහත්තයා දැන්ම තියා උත්තරේ දහාගෙන ඇති. හරියට ගොනුකර නැත. ‘‘නඩුව ඉවරයි.. කවුරුවත් දඟගෙයි යන්නේ නැත.‘‘ සභාතුමෝ සතුටින් විසිර යති. අපි කිරිබත් කමු.
මිනිස්සු වෙනුවෙන් කරන අරගලයට අකුල් හෙලන්නෙත් බමුණෝ වගේ 69 ලක්ෂයේ කල්ලියයි.
මේකටත් රංජාව තව සැරයක් හිරේ දායි..
ජනතාවගේ බදුමුදල්, රටේ ආර්ථිකය සූරාගෙන කන දේශපාලන ගුණ්ඩු...!!!
සීනිසේන අල්ලපියෝ...!
සුනාමි අරමුදල් වංචාවක් ගැන කතාකරපු අවස්ථාවක "හිරේට යන්න ඕනෑ අයෙක් මම බේරාගත්තා. මට සමාවෙන්න මට සමාවෙන්න මට සමාවෙන්න" කියපු මිනිස්සු ඉන්න රටක්නේ මේක... ඉතින් මේවගේ දේවල් ගැන මොන කතාද? මොන නඩුද? මේවා කාලේ කන වැඩ...
සීනි නෙවෙයි.. අතේ තියෙන බත්පිඟාන හොරකම් කළත් ඡන්දෙ කිට්ටුවෙලා අධිරාජ්‍යවාදී බිල්ලෙක්. ජිනීවා විදුලි පුටුවක් හෝ විග්නේෂ්වරම් නාඩගමක් පෙන්වූ ගමන් මෝඩ මිනිස්සු රාජපක්ෂලාට ඡන්දෙ දෙනවා. සුනිල් සහෝදරයා... මේ මිනිස්සු හදන්න බැහැ.
ලබන සැරේ දෙනවා බැටේ... ස්ථිරයි.
දූෂිත පාලකයින් රජ කරන රටේ යුක්තිය නීතිය, සාධාරණය ගැන කවර කතාද?
ඕකට සාධාරණයක් වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා සුනිල්.. දන්නවානේ. කොහොම වුණත් මේ වැඩේට සිවිල් පුරවැසියන්ගේ ආචාරය.
හොර දේශපාලකයෝ ඉන්න රටකට මොකටද? නඩු අහලා අපිට හුළං තමයි. අනේද කියන්නේ? හෙනම තමයි පත්තු වෙන්න ඕනේ.
මූඛ වාඩමවත් හරියට දාගන්න බැරි එකා මොන බයිලාද මේ කරන්නේ...?