IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


සන්ධානයේ මන්ත්‍රීවරුනුත් තානාපතිවරුන් හමුවෙලා

(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉල්ලීම පරිදි තමන් ඇතුළු දුසිමකට ආසන්න රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් අඟහරුවාදා එම පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සිවුදෙනකු හමු වී සාකච්ඡා පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති යර්න් රොඞ් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඬේවිඞ් මැකිනන් මහතා අතර ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඇති වූ සංවාදයක හා ඉන් අනතුරුව ඒ පිළිබඳව සංවාදය පිළිබඳව පිළිතුරු දෙමින් ජර්මානු තානාපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් කර තිබිණි.

“එක්සත් ජාතික පක්ෂ, ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ. දේශපාලනඥයන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවීම සිත්ගන්නා සුළුයි. ශ්‍රී ලංකාවේ ජනතාව සහ ප්‍රජා මුණ ගැසීමට වැඩි උත්සහායක් දරන්නේ නම් සහ මැතිවරණයක් සඳහා ජනතාවගේ බලාපොරොත්තුවට ඇහුම්කන් දෙන්නේ නම් ශ්‍රී ලංකාවට සිය පූර්ණ දියුණුව ළඟා කරගත හැකියි” යනුවෙනි.

එම ට්විටර් පණිවුඩයට පිළිතුරු දෙමින් ට්විටර් පණිවුඩයක් නිකුත් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් හමුවන්නේ කාවදැයි නාමල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ සගයන්ගෙන් විමසා දැන ගත යුතු යැයි සඳහන් කළේය.

මෙම ට්විටර් පණිවුඩත් සමඟම ට්විටර් සමාජ ජාලය තුළ සංවාදයක් ඇතිවිය. ඇතමෙක් නාමල් රාජපක්ෂ මහතාට පක්ෂව ද ඇතමෙක් කැනඩා මහ කොමසාරිස්වරයාට පක්ෂව ද අදහස් දක්වා තිබිණි.

ජර්මානු තානාපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ නිකුත් කළේ ඉන් අනතුරුවය. මෙරට ජර්මානු තානාපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන්ව තිබේ.

“කැනඩා මහ කොමසාරිස්වරයා සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් අසාධාරණ චෝදනාවක් එල්ල වන්නේ ඇයි ? පසුගිය අඟහරුවාදා මමත් කැනඩා මහ කොමසාරිස්වරයාත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ තවත් නියෝජිතයන් දුසිමකට ආසන්න පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්/මන්ත්‍රීවරුන් සිවුදෙනක මුණ ගැසුණා. අපි ඔවුන් මුණ ගැසුණේ ඔවුන්ගේ ඉල්ලීම පරිදි. සාකච්ඡාවේ රහස්‍යභාවය සුරකින්නැයි ඔවුන් කරන ලද ඉල්ලීමට අපි ගෞරව කළා” යනුවෙනි. 

ඉන් අනතුරුව තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙසේ ද සඳහන් කර තිබිණි.

“එයින් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය අපට කළ ආරාධනාවක් අනුව අපි ඔවුන් මුණ ගැසුණා. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ජනාධිපතිවරයා, කතානායකවරයා සහ අනෙකුත් පාර්ශ්වකරුවන් මුණ ගැසුණා. සියලු පාර්ශවවලට සවන්දීම අපේ රාජකාරියේ කොටසක්” යනුවෙනි. 

ඊට පිළිතුරු දෙමින් තමන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට චෝදනා එල්ල නොකළ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

“මැතිතුමනි, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට විවේචනය කළේ නැහැ. එහෙත් එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව හමුවීමට තිබෙන වුවමනාව රටේ පුරවැසියන් හමුවීමට නැති බවයි සඳහන් කළේ”.  

 



අදහස් (0)

සන්ධානයේ මන්ත්‍රීවරුනුත් තානාපතිවරුන් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site