IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


සන්ධානයෙන් ආවත් සම නායකයන් නැහැ

( +++ හසිත රංග ගුණතිලක)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්‍ෂ දෙකෙන්ම සම නායකයන් පත්නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී ඊයේ (3) පැවැසීය.

සම නායකත්වයකට පොදු ජන පෙරමුණ එකඟ නොවන බවත් රටම පිළිගන්නා සන්ධානයේ නායකයා මහින්ද රාජක්‍ෂ අග්‍රාමාත්‍යවරයා බවත් බත්තරමුල්ල පිහිටි පොදු ජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පොදු ජන පෙරමුණ දැනටමත් සන්ධානගත වී ඇති බවත් රටට ආදරය කරන සියලුම බලවේග පුළුල් සන්ධානයට එකතු කරගන්නා බවත් ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (10)

සන්ධානයෙන් ආවත් සම නායකයන් නැහැ

රවින් Tuesday, 04 February 2020 10:14 AM

හරියට හරි. නැතිනම් ආයෙත් එහෙම වෙයි.

:       6       4

lanka Tuesday, 04 February 2020 10:36 AM

හොඳ තීරණයක්.... මතකයිනේ ඔය සෙට් එක එකතුවෙලා එජාපයට දුන්නු ගේම.. ආයේ ගාවගත්ත වගේ නෙමෙයි.., අනාගෙන නම් අපිට කියන්න එන්න එපා...

:       10       13

Anuradha. Tuesday, 04 February 2020 11:04 AM

ඉතාම නිවැරදි තීරණයක්. සම නායකයෝ ඕනෑම නැහැ. හොඳ පෞරුෂයක් තියෙන එඩිතර නායකයෙක් ඉන්නවා. කවුරු සන්ධාන ගත වුණත් සලකුණ නම් වෙනස් කරන්න එපා.

:       24       15

අළුත් 225ක් තෝරමු Tuesday, 04 February 2020 11:36 AM

මොන සංධානයක් වුණත් කමක් නැහැ. මෙවර අපි ඡන්දෙ දෙන්නේ පක්‍ෂය, පාට බලා නොවෙයි.. ඕනෑම පක්ෂයක අපි දන්නා පමණින් හොර, බොරු නැති අවංක, තරුණ, උගත් අපේක්‍ෂකයින්ටයි...

:       0       1

siri Tuesday, 04 February 2020 12:07 PM

අනේ අපොයි... අපේ මහාචාර්යතුමා පක්ෂ සභාපති කීවට නමට විතරයි වගේ අපට නම් පෙනෙන්නේ... කවුරුවත් එයා කියන දෙයක් අහන බවක් පෙනෙන්නේ නම් නැහැ. පව් ඉතින් අපරාදේ පුදුමාකාර දර දිය ඇදිල්ලක් කලේ...

:       0       77

Nishantha Tuesday, 04 February 2020 01:01 PM

අපරාදෙනේ, ඕක ජනාධිපතිවරණයට කළින් කියන්න තිබුණනේ..

:       0       1

isuru Wednesday, 05 February 2020 06:05 AM

2015 මහා මැතිවරණෙ වගේ මේ පාරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට පොහොට්ටුවේ අයගේ මනාප නෑ. කට්ටියම සුවසේ ගෙදර.

:       0       0

kamal Wednesday, 05 February 2020 06:08 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ පාරත් ගෙදර ලිස්ට් එකෙන් දෙන්නෙත් නෑ. කට්ටියට අබ සරණයි ! පොහොට්ටුවට ජය.

:       0       0

jagath Wednesday, 05 February 2020 06:29 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කිවුවට ඡන්ද ලක්ෂ 15 නෑ ගොඩාක් ඡන්ද දැන් ගෝඨාභය ජනාධිපති තුමාට එකතුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 5.මාරක් ඇති දැක්කනේ ජේ .වී .පි .යට වෙච්ච දේ එකමතමයි මෙයාලටත් .

:       0       0

kumari Wednesday, 05 February 2020 06:32 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකටද සීයට 30 දෙන්නේ ? එයාලා තනියෙන් ඉල්ලුවොත් ලක්ෂ 6 ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 26 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 122 0

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 290 0

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 149 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි
2025 පෙබරවාරි මස 13 11 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන


ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා
2025 පෙබරවාරි මස 13 1039 0

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 156 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site