( +++ හසිත රංග ගුණතිලක)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්‍ෂ දෙකෙන්ම සම නායකයන් පත්නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී ඊයේ (3) පැවැසීය.
සම නායකත්වයකට පොදු ජන පෙරමුණ එකඟ නොවන බවත් රටම පිළිගන්නා සන්ධානයේ නායකයා මහින්ද රාජක්‍ෂ අග්‍රාමාත්‍යවරයා බවත් බත්තරමුල්ල පිහිටි පොදු ජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පොදු ජන පෙරමුණ දැනටමත් සන්ධානගත වී ඇති බවත් රටට ආදරය කරන සියලුම බලවේග පුළුල් සන්ධානයට එකතු කරගන්නා බවත් ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. නැතිනම් ආයෙත් එහෙම වෙයි.
හොඳ තීරණයක්.... මතකයිනේ ඔය සෙට් එක එකතුවෙලා එජාපයට දුන්නු ගේම.. ආයේ ගාවගත්ත වගේ නෙමෙයි.., අනාගෙන නම් අපිට කියන්න එන්න එපා...
ඉතාම නිවැරදි තීරණයක්. සම නායකයෝ ඕනෑම නැහැ. හොඳ පෞරුෂයක් තියෙන එඩිතර නායකයෙක් ඉන්නවා. කවුරු සන්ධාන ගත වුණත් සලකුණ නම් වෙනස් කරන්න එපා.
මොන සංධානයක් වුණත් කමක් නැහැ. මෙවර අපි ඡන්දෙ දෙන්නේ පක්‍ෂය, පාට බලා නොවෙයි.. ඕනෑම පක්ෂයක අපි දන්නා පමණින් හොර, බොරු නැති අවංක, තරුණ, උගත් අපේක්‍ෂකයින්ටයි...
අනේ අපොයි... අපේ මහාචාර්යතුමා පක්ෂ සභාපති කීවට නමට විතරයි වගේ අපට නම් පෙනෙන්නේ... කවුරුවත් එයා කියන දෙයක් අහන බවක් පෙනෙන්නේ නම් නැහැ. පව් ඉතින් අපරාදේ පුදුමාකාර දර දිය ඇදිල්ලක් කලේ...
අපරාදෙනේ, ඕක ජනාධිපතිවරණයට කළින් කියන්න තිබුණනේ..
2015 මහා මැතිවරණෙ වගේ මේ පාරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට පොහොට්ටුවේ අයගේ මනාප නෑ. කට්ටියම සුවසේ ගෙදර.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ පාරත් ගෙදර ලිස්ට් එකෙන් දෙන්නෙත් නෑ. කට්ටියට අබ සරණයි ! පොහොට්ටුවට ජය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔය කිවුවට ඡන්ද ලක්ෂ 15 නෑ ගොඩාක් ඡන්ද දැන් ගෝඨාභය ජනාධිපති තුමාට එකතුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩිම වුනොත් ඡන්ද ලක්ෂ 5.මාරක් ඇති දැක්කනේ ජේ .වී .පි .යට වෙච්ච දේ එකමතමයි මෙයාලටත් .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකටද සීයට 30 දෙන්නේ ? එයාලා තනියෙන් ඉල්ලුවොත් ලක්ෂ 6 ගනීවි.