
(විජේරත්න රත්නායක)
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම වැරදි රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි බව කියන, ‘සීනිකූරා’ නම් අන්වර්ථ නාමයකින් හැඳින්වෙන පුද්ගලයෙකු හාලිඇල බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල කටුපැලැල්ලගම පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 5 ක මත්කුඩු කුඩා ඇසුරුම් 100ක පමණ අසුරා සිය දකුණු කකුලේ බැඳගෙන සිටියදී පොලිසිය සොයාගෙන ඇත.
මත්කුඩු ජාවාරම මෙන්ම දිවයිනේ විවධ ප්‍රදේශවල ගෙවල් බි ඳුම් රැසකටද සම්බන්ධ බවට සැකකෙරෙන මෙම සැකකරු 2012 වර්ෂයේ කළ ගෙවල් බිඳීමකට අදාළව වසර කිහිපයක් සිරගතව සිටි අයෙකු බවද පැවසේ.
සැකකරු අද සවස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.