(ආරියරත්න රණබාහු,සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවැසීය.
තමාගේ මුළු ජීවිත කාලය තුළදී කුඨ ලේඛන සාදා නොමැති බව පැවැසූ කතානායකවරයා එවැනි චෝදනාවක් තිබේ නම් ඒ ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවද කීය.
කතානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තමා ඉවත් කරන ලෙසද ඉල්ලා සිටි කතානායකවරයා එය පිළිගැනීමට සූදානම් බවද කීය.
තමාගේ අනුරූ පඹයන් ලෙස සකසා පුලුස්සා දැමීම් පසුගිය දිනවල සිදුවී ඇති බව පැවැසූ කතානායකවරයා තමා ගමේ උපන් අයෙකු බැවින් වස් දොස් යෑමට පඹයන් පිළිස්සීම ගැන සතුටු වන බවද පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් උපුටා දක්වමින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා එම අදහස් පළ කළේය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ

COMMENTS
රටේ අර්බුදකාරී වෙලාවක මහජන ඡන්දෙකට යනවට වඩා සාධාරණයක් කොහෙවත් තිබෙනවාද? අපි කියන්නේ නැහැ මහින්දට අගමැතිකම දෙන්න කියලා මහජන ඡන්දෙකට යන්න. එතකොට බලාගන්න පුළුවන් ජනතාව කැමති කාටද කියලා. දැන් ඔබ කරන්නේ බලවත් අසාධාරණයක්...
තම තමන්ගේ දේශපාලනබලය වෙනුවෙන් නම් ජම්පර් අඳින්න එයාලා ලෑස්තියි. එ්ත් රටේ මිනිසුන් බහුතරයකට කන්න, අඳින්න නැහැ. මධ්‍යම පාන්තිකයින් වන අපත් බොහොම අමාරුවෙන් දැන් මූලික අවශ්‍යතා සපුරා ගන්නේ.. එ් වෙනුවෙන් ඔය කවුරුවත් වැඩ කරන්නෙත් නැහැ. බලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියන ලස්සන වචන පාවිච්චි කරමින් ඒ අයගේ සුඛ විහරණය වෙනුවෙන් නම් කෑ ගහනවා. අපිට ඕනෑ ඔය කෙහෙල්මල් නෙමෙයි, ගන්න අාදයමට ජීවත් වෙන්න පුලුවන් රටක්, කීයක් හරි හොයාගන්න පුලුවන් රටක්, උඹලා එකතු වෙලා කාපල්ලා ප්‍රජාතන්ත්‍රවාදයයි, සාධාරණයයි....
ජම්පරයක් නොවෙයි අමුඩයක් ගැස්විය යුතුයි..
ඉටු කොට කළ යුතු යුතුකම් - ලැබුවත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් - නුඹයි මගේ පුතා උතුම්!
මොහු නිවැරදි බව පොහොට්ටුවේ අයත් දන්නවා. එ්ත් තමන්ගේ අරමුණ වෙනුවෙන් සුදුකලු කරනවා. ඒ.ජා.ප අය දාලා නොයන්නෙත් නඩුවෙන් දිනන්න පුළුවන් බව දන්නා නිසායි.
සාධාරණය වෙනුවෙන් නම් ජම්පරය අදින්නේ නීතියේ වැරද්දක් තිබෙන්න ඕනේ සාධාරන මිනිසෙකුට මොන නිතියෙන්ද දඩුම් දෙන්න පුළුවන් ?
වැරදි කරන කොට විපාක විදින්න වන බව තේරුම් ගැනීම හොදයි.
පුද්ගලයෙකු සිරගත කරන්නේ අධිකරණයෙන් සිදුකරන සාධාරණ විභාගයකින් පසුවයි. සාධාරණය වෙනුවෙන් සිරගත වීමටත් සූදානම් කියන කථාවේ තේරුම මොකක්ද? සමහරවිට ඔබතුමා විසින් කළ සමහර දේවල් වැරදි බව ඔබතුමාට දැන් වැටහිලා වෙන්න ඇති.
ඔබතුමා අතීතයේ සිටපු සොල්දාදුවෙක්. පක්ෂ භේදයකින් තොරව කලින් වැඩ කරන නිර්භය මිනිසෙක්. පාර්ලිමේන්තුවේ උත්තරී තර භාවය කෙලෙසන අය ඉදිරිපිට ජීවිතය පරදුවට තබා කරන උත්තරීතර කටයුත්තට ශ්‍රී ලංකික අපගේ ප්‍රණාමය .
ගරු කරු ජයසූරිය මතිදුනි ඔබ තුමාට දීර්ඝාෂ පතමි.!
ඔහොම තමයි හොරා කවද්ද හොරකම් කරනවා කියන්නේ.?
තමන්ගෙ දේශපාලන බලය රැකගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණ යන වචන ලස්සනට පාවිච්චි කරනවා ඒත් රටෙ ඉන්න තුන්වෙිල කන්න වෙර දරණ මිනිසුන් වෙනුවෙන් ඔය වචන වත් එහි අර්ථයවත් වැඩක් නැහැ. මිනිසුන්ට ඔනා මුලික අවශ්‍යතා සපුර ගන්න පුලුවන් අාකාරයකින් අාදයම් ලබන විදිහක් මිස බලට පොරකන තමුන්නැහැලාගෙ ඔය වචන නොවේ. ලොකෙටම විහිලු සපයන ඔය පාර්ලිමේන්තුව තුල ඉන්න ගොබිබ රැන නිසා අපෙ ලමයි එක්ක වත් එකට ඉදන් ප්‍රවෘත්තිවත් බලන්න බැරි කාලයක් මෙි. අපිට ප්‍රජාතන්ත්‍රවාදය කන්නද ...?
එම වාක්‍ය තුල අධිකරණය අභියෝගයට ලක්කරලා තියෙනවා. ජම්පරය ඇදීමට සිදුවන්නේ අධිකරණය මගින් වරදකරු ලෙස තීන්දුවක් ලබාදුනොත්ය. එනම් මෙතුමා කියන සාධාරණත්වය සහ තීන්දුව ලබා දෙන නීතීය අතර ලොකු පරස් පරයක් තිබිය යුතුය. මෙතුමා කියන සාධාරණත්වය නීතීයට අනුකුලනම් මෙතුමාට මෙවැනි දෑ කීම අවශ්‍ය නොවේ.
ජම්පරය අඳින්න වෙන්නෙ "හැන්සාඩ් වාර්තාව වංචා සහගතව වෙනස් කිරීම" කියන හේතුව නිසා කියලා තමයි නඩු දැම්මෙ... එහෙම වෙලා නම් ඒක යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් කරා කියලා කොහොමද පෙන්වන්නෙ...? මට තේරෙන්නෙ නැති නිසා අහන්නෙ...
ජම්පරය කොහොම වෙතත් දඬුකඳේ ගහන්න වටිනවා. ආණ්ඩුව විසිරෙව්වොත් ජනතාව එය කරාවී.
සදාරණය වෙන්නේ කොහොමද මහත්තයෝ ජම්පරේ අඳින්නේ. සාධාරණයට හිරේ යන්නේ කොහොමද කියලා අපිටත් කියලා දෙන්ටකෝ.
සාධාරණව වැඩ කලානම් ජම්පර් අදින්න සිද්ධ වෙන්නේ ඇයි.?
පක්ෂ පාට නොතකා රට ගැන හිතන මිනිස්සු ඔබගැන සතුටු වෙනවා.
ඔය ගම්මන්පිල මීට කළිනුත් තුට්ටු දෙකේ කතා, කී සැරයක් නම් කිව්වද? උසාවි තීන්දුව ආවහමයි මහින්දට තරු පේන්නේ... විමලෙ, දිනේෂ්, වාසු, ගම්මන්පිල යන අයගේ කීම් අහලා බහුතරයක් ආණ්ඩුවක් ඇයිදෝ ගත්තේ කියලා...
ජම්පරේ බැරිනම් ඕන එකක් ඇඳගෙන ඔයාල 225 ම යනවනම් එක මේ රටට කරන ලොකු යහපතක්.