IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සුදු ලූනු ගණුදෙනුවේ රහස් අධිකරණයේදී එළියට

(නිමන්ති රණසිංහ)

සුදුලූනු ටෙන්ඩරය පාස් කර ගැනීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයා විසින් ලංකා සතොස ආයතනයේ එක්තරා නිලධාරියකුට රුපියල් දහසය ලක්ෂ හතලිස් පන්දහසක කොමිස් මුදලක් ගෙවනු ලැබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේ අද කරුණු වාර්තා කළේය.

සුදුලුනූ කිලෝවකින් රුපියල් 30ක කොමිස් මුදලක් ලංකා සතොස ආයතනයේ නිලධාරියාට ලැබෙන පරිදි මෙම මුදල ලබා දී ඇතැයි කරුණු අනාවරණය වන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම ඡාවාරමට සෘජුව සම්බන්ධ අදාළ නිලධාරියා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ‘එන් එස් එන්ටප්‍රයිසස්’ පුද්ගලික සමාගමේ හිමිකරු වන ක්‍රිෂ්නකුමාර් වසන්ජි යන අය සුදුලූනු මිලට ගැනීම සඳහා ලංකා සතොස ආයතනයට ටෙන්ඩර්පත් තුනක් යොමුකර ඇති බවත්, එම ටෙන්ටර් පත්‍ර තුන, ඔහුගේ ආයතනට දෙකක් සහ ඔහුගේ ගෝලයකුගේ සමාගමකින් තවත් එකක් වශයෙන් යොමු කර තිබූ බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සැකකාර ව්‍යාපාරිකයා සුදුලුනූ ටෙන්ඩරය ලබා ගැනීම සඳහා වැය කර ඇති මුලු මුදල රුපියල් විසි එක් ලක්ෂ හතලිස් පන්දහසක් බවත් ඉන් දහසය ලක්ෂ හතලිස් පන්දහසක් ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරියකුට ද අනෙක් රුපියල් ලක්ෂ පහ බ්‍රෝකර්වරුන් දෙදෙනාටත් වශයෙන් බෙදී යන ආකාරයෙන් වැය කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ලංකා සතොස ආයතනය මහජනතාවට සහනදායී මිලට අළෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු`ථණු කිලෝග්‍රෑම් 54,860- ක් වංචනික ලෙස මිලටගෙන සොරබඩු ළඟ තබාගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘එන් එස් එන්ටප්‍රයිසස්’ පුද්ගලික සමාගමේ හිමිකරු වන ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයකයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

පැමිණීල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර මහතා ඇතු`ථ නිලධාරීහු කණ්ඩායමක් සහ සැකකරු වෙනුවෙන් ජනාධිපති නිතීඥ සරත් විජේමාන්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකාර ව්‍යාපාරිකයා මිල ගණන් තුනක් යටතේ ඔහුට අයත් සමාගම් දෙකකින් මෙන්ම ඔහුගේ ගෝලයකුට අයත් සමාගමකින් ටෙන්ඩර් පත් තුනක් ඉදිරිපත් කර, පසුව අවම මිල ඉදිරිපත් කළ ඔහුගේ එන් එස් එන්ට්‍රපයිසස් ආයතනයට මෙම ටෙන්ඩර්පත ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මොහු එක් ටෙන්ඩර් පත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන වේලායුදම් ශ්‍රීධරන් නැමැත්තා නමින් බවත් ඔහුට සහ මෙහි තෙවැනි සැකකරු වන කමල් කුමාර යන අයට රුපියල් ලක්ෂ පහක මුදලක් මේ සදහා ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සදහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු, ලංකා සතොස ආයතනයෙන් සුදුලූනු කිලෝවක් රුපියල් 135ක මුදලකට ලබා ගෙන සුදුලූනු කිලෝ 54, 860ක් සඳහා රුපියල් හැත්තෑ හතර ලක්ෂ හැට එක්දහසක මුදලක් වැය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (4)

සුදු ලූනු ගණුදෙනුවේ රහස් අධිකරණයේදී එළියට

lal Friday, 08 October 2021 10:33 AM

අපිට මොකක්ද කරන්න තියෙන්නේ?

:       0       3

Raveendra Friday, 08 October 2021 10:43 AM

දැන් මේ "ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරියා" යයි කියන "පාහර බල්ලාට" නමක් ගමක් නැද්ද ? රටේ පුරවැසියන්ට ඒ "වල් බල්ලාගේ" නම, ගම, ලිපිනය දැනගැනීමට කිසිදු අයිතියක් නැද්ද ? අප තරයේ විස්වාස කරනවා එම "බල්ලාගේ" සියලු විස්තර අත්අඩංගුවට ගත් පසුවවත් මාද්‍ය මගින් මහජනතාවගේ දැනගනුමට ප්‍රසිද්ධ කරයි යන්න.මෙම අදහස් මෙම පාහර බල්ලාට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා.....මහජන මුදල් හොරාකාපු එකෙකුවත් මෙරටේ යහතින් හිටියේ නැති බව අතීතය හොදින්ම කියා දී ඇති බව මෙම "බල්ලාටද" කීමට කැමැත්තෙමු. එමෙන්ම මේ "පරබල්ලාගේ" අබුදරුවන්ද මේ පවට දඩුවම් විදිනු නියතය.පව් ඒ අහිංසක මිනිසුන්...

:       0       12

Mangala Friday, 08 October 2021 01:40 PM

ඉන්දියන් කාරයා ලංකාවට ඇවිත් මේ වගේ දෙයක් කරනවා කියන්නේ කසපහර දෙන්න ඕනෑ. ඕනැම පිටරැටියක් ලංකාවේදී වරදක් කළොත් අධිකරණ දඬුවමට අමතරව කසපහර දෙන්න නීති ගේන්න සිංගප්පූරුවේ වගේ...

:       0       2

Kule Friday, 08 October 2021 02:15 PM

ඉන්දියානුවන් වැරැදිකරු වුණොත් වහාම දඬුවම් දී රටින් පිටිවහල් කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1136 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site