(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන  සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 26 වැනිදා සඳුදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය .

ආදායම් අහිමිවීමෙන් දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු මෙරට සියලු සත්වෝද්‍යානවල  සතුන්ගේ කෑම වියදමවත් සොයා ගැනීමට නොහැකිවී ඇතැයද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  වසංගතය අවසන් වන දින සිතාගැනීමට නොහැකි බවත් සත්වෝද්‍යාන දිගටම වසාගෙන සිටීමට නොහැකි බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

සත්වෝද්‍යානවලට අප ඉදිරියේදී  ඇතුළු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කොරෝනා එන්නත ලබා ගත් අය පමණකැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා අම්බලන්තොට රිදීගම සෆාරි  උද්‍යානයද
ලබන සදුදා විවෘත කරන බව පැවසීය .

මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ චින්පන්සි දෙදෙනාට සහ ඔරංඔටන් දෙදෙනාට කොවිඩ්  ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ කොරෝනා  පරීක්ෂණ එකකින් පමණක් බවත් අනෙක් පරීක්ෂණ දෙකෙන්ම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී නැති බවත් විමලවීර දිසානායක මහතා කීවේය.